පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ ජීප් රිය අනතුර ලක්වීමෙන් පසු නීතිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව පොලිස් මූලස්ථානය අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කළ ඇති බව වාර්තා වූවකි.
මෙම අවස්ථාවේදී පොලීසිය සාමන්‍ය පුද්ගලයකු විෂයෙහි හැසිරෙන ආකාරයට වෙනස් ආකාරයකින් හැසිරී තිබේද යන්න පිළිබඳ බරපතල ප්‍රශ්න ගණනාවක් මතු වී ඇති අතර පොලිසිය මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ ඒ පිළිබඳ සොයා බැලීමටයි.
වෛද්‍ය පරීක්ෂණවලදී අශෝක රන්වල බීමතින් රිය පදවා නැතැයි තහවුරු වූ අතර සාමාන්‍ය නීතියේදී එවැනි අනතුරක් සිදු වූ විට සිදු කරන සාමාන්‍ය පරීක්ෂණය රන්වලට සිදු කර නොමැත.
එනයින් බලද්දී පොලිසිය, සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහි විමර්ශනයක් ආරම්භ කළ යුතුමය. එය ආරම්භ වී තිබීම හොඳය.
‘මගේ අතින් රිය අනතුරක් සිදු වී ඇත. මා වගකිව යුතු මහජන නියෝජිතයෙකි. අනෙක් සාමාන්‍ය පුරවැසියකුයට පරිදිම නීතිය මා කෙරෙහිද ක්‍රියාත්මක විය යුතුය. හැකි ඉක්මණින් වෛද්‍ය පරීක්ෂණවලට යොමු වී මා මෙම සියලු චෝදනාවලින් නිදහස් විය යුතුය’ යනුවෙන් කල්පනා නොකර කිරිබත්ගොඩ මහරෝහලෙන් රාගම රෝහලට රාගමෙන් කොළඹ ජාතික රෝහලට මාරුවෙමින් කට්ටි පැන්න අශෝක රන්වල නම් මහජන නියෝජිතයාට එරෙහිව ද විනිවිද පෙනෙන විමර්ශනයක් සිදු විය යුතුය.
සියලු දෙනාට නීතිය සමාන බව පෙන්වීමට රජයට මාහැඟි අවස්ථාවක් උදා වී තිබේ. රජයට මෙය තමන්වම පරීක්ෂා කර ගත හැකි ස්වර්ණමය අවස්ථාවකි.
රජය රන්වලට එරෙහිව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කරනවාද එසේ නම් ඒ කවදාද යන්න රටට කිව යුතුය.
රන්වල වරදක් කර ඇත්නම් සාමාන්‍ය නීතිය යටතේ පරීක්ෂණවලට මුහුණ දීමට අපොහොසත් වී ඇත්නම් වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුය.
