රන්වල ගැන අපි පක්ෂයක් ලෙස වගකියනවා – එරංග ගුණසේකර

ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන අශෝක රන්වලගේ දේශපාලන භූමිකාව වෙනුවෙන් පක්ෂයක් ලෙස වගකීමට සූදානම් බව අමාත්‍ය එරංග ගුණසේකර පවසා තිබෙනවා.

අශෝක රන්වලට සිදු වූ අනතුර පිළිබඳ තමන් ද පෞද්ගලිකව කණගාටු බවයි ඔහු පවසන්නේ.

එරංග ගුණසේකර අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ උපාධිය පිළිබඳ ප්‍රශ්නයක් මුල් කරගෙන ලෝක ඉතිහාසයේ පළමු වතාවට ඉල්ලා අස්වූ කතානායකවරයා වන්නේ අශෝක රන්වල බවයි.

රන්වල මන්ත්‍රීවරයාගේ අනතුර සම්බන්ධයෙන් සමාජගත වෙමින් පවතින්නේ අසත්‍ය තොරතුරු බවද ඔහු සඳහන් කර තිබෙනවා.

එම අනතුර සම්බන්ධයෙන් නීතිය පොදු ලෙස ක්‍රියාත්මක වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

Latest News

More like this

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...

අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය...