අනුරනේ ඔක්කොම කරන්නේ… 159ක් යැව්වෙ බම්බු ගහන්නද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට පාලනය කිරීම සඳහා දෙවැනි පෙළක් නැති බව මේ වන විට රට තුළ පවතින යථාර්ථය වේ.

තනි මිනිහෙක්ට රටක් පාලනය කළ හැකිද යන ගැටලුව සබුද්ධික සියලු දෙනා හමුවේ පවතින ගැටලුවකි.

ප්‍රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුර මහතා මෑතකදී යූ ටියුබ් සංවාදයකට එක් වෙමින් එම යථාර්ථය මැනවින් පෙන්වා දීමට උත්සාහ කර තිබිණි.

තනි මිනිහෙක් ලෙස ඔහුට රට පාලනය කිරීමට සිදුව ඇති අතර පාර්ලිමේන්තුව පත් කර යවනු ලැබූ 159න් කිසිවකු පොදු මහජනතාව අතර ගැටෙමින් ක්‍රියාකාරී වන බවක් දක්නට නොලැබෙන බව ඔහු පවසනවා.

‘සෞඛ්‍යය ප්‍රශ්නයක් එනවා ඒකටත් අනුර කුමාර යන්න ඕන. ව්ශ්වවිද්‍යාල ප්‍රශ්නයක් එනවා ඒකටත් අනුර කුමාර යන්න ඕන. පාන් බේකිරි හිමියන්ගේ ප්‍රශ්නයක් එනවා ඒකටත් අනුර කුමාර යන්න ඕන. පාරේ බෝක්කුවක් කැඩුනත් අනුර කුමාර යන්න ඕන.

එතකොට මේ159 ක් ගියේ බම්බු ගහන්නද බන්.. යකෝ ටිෂර්ට් එකක් ගහගෙන පාරට බැහැලා වැඩක් කරන්න කිසිම එකෙක් නෑ.

ජේ.ආර් ගේ ආණ්ඩුව හොඳ හෝ නරකයි. අධ්‍යාපන ඇමති ලලිත් ඇතුලත්මුදලි, මහවැලිය ගාමිණී දිසානායක, නිවාස ඇමති ආර් ප්‍රේමදාස. චරිතනේ බිහි කළේ. මේක අනුර කුමාරනේ ඔක්කොම කරන්නේ. තනියෙන් කොහොමද බන් මිනිහෙක් රටක් පාලනය කරන්නේ.

ක්‍රිකට්වලට එන්නකෝ.. ඇයි අර්ජුන සනත් ජයසූරියව මුලින්ම යවන්නේ. ඔය දැන් ගහන විස්සයි විස්සෙ පුරෝගාමීන් තමයි සනතුයි කලුයි කියන්නේ. වළල්ලෙන් එහාට ගහන්න යවන්නෙ. ඊළඟට එවන්නේ එක දිගට විකට් නොයන්න කණ්ඩායමේ මානසික හයිය අල්ලන් ඉන්න පුළුවන් ගුරාව. ඊළඟට එන්නෙ අරවින්ද. මගේ ආසම ක්‍රීඩකයා. අර්ජුන ඉස්සරහට එන්නෙ බැරිම වෙලාවට උස්සලා අරන් මැච් එක දිනන්න.

මේක ඉස්සෙල්ලම අනුර ආවම කොහොමද මේක කරන්නෙ’ යැයි ඔහු එහිදී පැහැදිලි කළා.

ලක්වාහිනී අපද දිගින් දිගටම පෙන්වා දුන්නේ ජනපති අනුරට රට පාලනය කිරීම තනිව සිදු කළ නොහැකි බවයි. ඔහුගේ දෙවැනි පෙළ දුර්වලයි නොව ඔහුට දෙවැනි පෙළක් නැත යන්න තිරිමාදුරගේ ප්‍රකාශයෙන්ද තහවුරු වී තිබේ.

Latest News

More like this

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...

අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය...

අමෙරිකාව වෙනිසියුලාවේ බලය අල්ලයි.. පැහැරගත් ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිව්යෝර්ක් සිර ගෙදරට

අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරනු ලැබූ මහා පරිමාණ...