‘රන්වල හොඳ මිනිසෙකි’ ආණ්ඩුවේ ස්ථාවරය එළියට

“රංවල.. හොඳ මිනිසෙකි… ඔහු ගැන නොදන්නා අයට අනුකම්පා කරමු..” යන්න මේ වන විට ආණ්ඩුව ප්‍රචාරණය කිරීමට ආරම්භ කර ඇති මතවාදයකි.

ඒ අනුව ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන ලාල් කාන්ත ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් මෙම මතවාදය ප්‍රචාරණය කිරීම ආරම්භ කර තිබෙනවා.

ඔහු අනුව යමින් ජගත් මනුවර්ණ වැනි තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙක්ම එම පෝස්ටුව තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල බෙදා ගැනීමට කටයුතු කළ ආකාරය ද දක්නට ලැබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පසුගිය දා සපුගස්කන්ද ප්‍රදේශයේ දී රිය අනතුරකට මුහුණ දුන් අතර එහිදී රියදුරෙකුට එරෙහිව ක්‍රියාත්මක විය යුතු සාමාන්‍ය නීතිය ඔහුට එරෙහිව ක්‍රියාත්මක නොවීම ආන්දෝලනයට තුඩු දුන්නා.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල මැති ඇමතිවරුන් රන්වල ආරක්ෂා කර ගැනීමට ඉදිරියට ඇවිත් තිබෙන්නේ එවැනි විමර්ශනයක්ද ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුරදීය.

රන්වල හොඳ මිනිසෙක් බව මහජනතාව දැනගත්තේ උපාධි සහතිකය පෙන්වා ගත නොහැකිව කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ දිනයේය.

තවත් ඇමතිවරයෙක් වන එරංග ගුණසේකර ද ආඩම්බරයකින් යුතුව කියා තිබුණේ ඔහු එසේ උපාධි සහතිකයක් නොමැතිව ඉල්ලා අස්වූ ලොව පළමු කතානායකවරයා බවයි.

නීතිය සැමට සමාන බව පුන පුනා කී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ඇමතිවරු ඔහු ආරක්ෂා කිරීමට සහතික ලියමින් සිටින්නේ ඒ ආකාරයටය.

මෙය සමස්ත ආණ්ඩුව රන්වල සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය බව දැන් පැහැදිලිය.

Latest News

More like this

අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය...

වැලිගම බිකිණි හැඳ ගත් විදේශ සංචාරකයින් අක්‍රම්ට අකැපද..?

දකුණු පළාතේ වැලිගම යනු විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයකි. දීර්ඝ කාලයක්...

අමෙරිකාව වෙනිසියුලාවේ බලය අල්ලයි.. පැහැරගත් ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිව්යෝර්ක් සිර ගෙදරට

අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරනු ලැබූ මහා පරිමාණ...

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...