හමුදා ආචාර පෙළපාලියක සේනාධි නායකයාගේ පෞද්ගලික ආරක්ෂකයා ගමන් කිරීමෙන් පිළිබිඹු වන්නේ කුමක්ද?

ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේදී පෙරේදා (13දා) පැවති අධිකාරියට පත් කිරීමේ හා විසිර යෑමේ පෙළපාළියට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නාවික හමුදා උත්තමාචාරය පිරිනැමුණා.

එහිදී ජනාධිපතිවරයා හමුදා ආචාර පෙළපාළියේ අභිමානයෙන් යුතුව ගමන් කරන ආකාරය දක්නට ලැබුණා.

කෙසේ වෙතත් විශේෂත්වය වුණේ එම ආචාර පෙළපාලිය පිටුපසින් ජනාධිපතිවරයාගේ පෞද්ගලික ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ගමන් කිරීමයි.

මෙය හමුදා පෙළපාලියක ආචාර ධර්ම ඉක්මවා යන්නක් බව විචාරකයින් පෙන්වා දී තිබෙනවා.

රටක සේනාධි නායකයා ලෙස ත්‍රිවිධ හමුදාවන්ගේම ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයාය. ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා එම හමුදාවන්ට පිටුපසින් ගමන් කීරීම යනු සිය ත්‍රිවිධ හමුදාව කෙරෙහි ඔහුට පවතින අවිශ්වාසය පිළිබිඹු කරන්නකි.

විශේෂයෙන් එය සිය මාතෘ භූමිය තුළ දී සිදු නොකළ යුතු ක්‍රියාවක් ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Latest News

More like this

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...

බොලිවුඩයේ සදාකාලික වීරයා එක රැයින් දුෂ්ටයෙකු වේ

බොලිවුඩයේ සදාකාලික පෙම්වතා ලෙස ෂාරුක් ඛාන් ඔසවා තැබූ ඉන්දියානුවන්...