දිගටම මාව විවේචනය කරන්න.. මම රටටම හුස්ම පිඹින එක නතර කරන්නේ නැහැ.. විපක්ෂ නායක සජිත්

විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට මේ ක්‍රියාවලිය නිර්වචනය කළත් මේ ක්‍රියාවන් සිදු කරන්නේ පොදු ජනතාව වෙනුවෙන් බවත් ජනතාවගේ ජන ජීවිත වටින නිසා සිය කාර්ය භාරය කාර්ය දිගින් දිගටම ඉටු කරන බව විපක්ෂ නායකවරයා ‘හුස්ම’ වැඩසටහන යටතේ මාරවිල මූලික රෝහලට B-Braun Dialog-Haemodialysis යන්ත්‍රයක් පරිත්‍යාග කරමින් පවසා තිබෙනවා.

මේ අවස්ථාවේදී රට ගොඩගැනීමේ කාර්යභාරය ගැන කතා කරන විට සීමා මායිම්වලින් බැහැරව ඉන් ඔබ්බට ගොස් රට වෙනුවෙන් යුතුකම් ඉටු කළ යුතු වන අතර විදේශ රටවල නියෝජිතයන් තානාපතිවරුන් සමඟ තමා සාකච්ඡා කර රටේ ජනතාව වෙනුවෙන් ඉල්ලීම් රැසක් සිදු කළ බව ද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන ‘හුස්ම’ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස මාරවිල මූලික රෝහලට රුපියල් ලක්ෂ 46ක් වටිනා B-Braun Dialog-Haemodialysis යන්ත්‍රයක් පරිත්‍යාග කළ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

සුළි කුණාටුව නිසා විනාශ වූ අප රට ගොඩ ගැනීමට නම් අනිවාර්යෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්විය යුතු බව ද විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.

සුළි කුණාටුව නිසා විපතට පත් ජනතාවට උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණු කරගෙන හුස්ම වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් මෙවර මාරවිල රෝහලත් ඉදිරියේදී හලාවත රෝහලත් කේන්ද්‍ර කරගෙන මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ.

එමෙන්ම මොනෑෂ් විශ්වවිද්‍යාලය රටවල් 9කට එල්ල වූ සුළි කුණාටු තත්ත්ව 217ක් ගැන 2000-2019 ගැන සමීක්ෂණයක් කර ඇති බවත් රටවල් 9ක සුළි කුණාටු 217ක් ගැන කළ සමීක්ෂණයේ දී මරණ ලක්ෂ 150ක් පිළිබඳ පරීක්ෂණ කළ ලබා ගත් නිගමන අනුව පශ්චාත් සුළි කුණාටු සමයේද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති අඩුපාඩුකම් නිසා විශාල මරණ ප්‍රමාණයක් සිදුව ඇති බව පෙනී යන බව ද වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

දිවයින පුරා පොලිස් ස්ථානවල බැලුන් හිඟයක්… සපුගස්කන්දෙත් තිබිලා නෑ

දිවයිනේ බොහෝ පොලිස් ස්ථානවල මත්පැන් පානය කළ බීමත් රියැදුරන්...

‘රන්වල හොඳ මිනිසෙකි’ ආණ්ඩුවේ ස්ථාවරය එළියට

"රංවල.. හොඳ මිනිසෙකි... ඔහු ගැන නොදන්නා අයට අනුකම්පා කරමු.."...

අනුරනේ ඔක්කොම කරන්නේ… 159ක් යැව්වෙ බම්බු ගහන්නද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට පාලනය කිරීම සඳහා...

රන්වල ගැන අපි පක්ෂයක් ලෙස වගකියනවා – එරංග ගුණසේකර

ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන අශෝක...