ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගෙ ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (15) දෙරණ 360 වැඩසටහනට සහභාගී වෙමිනි.
එහිදී අමාත්‍යවරායගෙන් එම වැඩසටහන මෙහෙයවන කළිඳු කරුණාරත්න, 2024.12.19 වැනි දින මෙම ප්‍රශ්නය උද්ගත වුණු කාල සීමාවේ කැබිනට් තීරණ දැණුම් දීමේ මාධ්‍ය හමුවකදී නලින්ද ජයතිස්ස සිදු කළ ප්‍රකාශයක් උපුටා දැක්වූයේ මෙසේය.
“අශෝක රන්වල මහතා ධුරයෙන් ඉවත් වුණේ ඔහුට මේ මොහොතේ සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි නිසා මිස උපාධිය සම්බන්ධ ප්‍රශ්නයක් නිසා නොවේ. කතානායක ධුරයේ සිටිමින් එම සහතිකය ඉදිරිපත් කරනවාට වඩා කතානායක ධුරයෙන් ඉවත් වෙලා ඒ සහතිකය ලබා දීමට ඔහු තීරණය කරලා තිබෙනවා. ඒකට සාධාරණ කාලයක් දෙන්න ඕන. ඒකට ගොඩක් කල් ගතවෙන එකක් නෑ. ඉක්මණට ලබා දේවි.”
වසරක් වැනි දිගු කාල සීමාවක් ගත වී ඇතත් උපාධි සහතිකය පෙන්වීමට නොහැකි වූවා නේදැයි මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. කෙසේ වෙතත් එයට නිසි පිළිතුරක් ලබා දීමට අමාත්‍යවරයා සමත් වුණේ නැහැ. ජනතාව සිය පක්ෂය කෙරෙහි විශාල විශ්වාසයකින් රට භාර දුන් බවයි ඔහු කියා සිටියේ.
ඔහු යමි කිසි ආකාරයකින් උපාධි සහතිකය ඉදිරිපත් කළ නොහැකිව වංචනිකයෙකු බව ඔප්පු වුවහොත් ජාතික ජන බලවේගයේ ක්‍රියාමාර්ගය කුමක්දැයි විමසූ විට අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ ඒ සම්බන්ධයෙන් පවතින ජන මතය සලකා බලන බවයි.
බැරි වෙලා හෝ වංචනිකයෙක් බව ඔප්පු වුණොත් විනය ක්‍රියාමාර්ගයක් ගන්නවද?
එය මේ වෙලාවේ කියන්න බැහැ.
විනය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් ද?
ඔව්. ගන්න පුළුවන්.. යැයි අමාත්‍යවරයා පිළිතුරු ලබා දී තිබුණා.
