අරගලයට පින් දිදී.. රාජපක්ෂ පවුල රට බංකොලොත් කළ ආකාරය හෙළි කරන චන්ද්‍රිකා

වසර 2009-2014 කාලය තුළ රාජපක්ෂ පවුල ප්‍රධාන පෙළේ ව්‍යාපෘතිවලින් පමණක් ඩොලර් මිලියන 15,000ක (බිලියන 15) මුදලක් සොරාගෙන ඇති බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

එම පවුලේ සහෝදරයින් සිව් දෙනෙක්, පුතුන් සිව් දෙනෙක් ඇතුළුව ඥාති මස්සිනා කෙනෙකු ප්‍රධාන ව්‍යාපෘතිවලින් මෙම අති විශාල ධනස්කන්ධය සොරා ගත් බවයි ඇය පෙන්වා දෙන්නේ.

උදාහරණයක් ලෙස තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට පෙර වැඩ අවසන් කිරීමට අපේක්ක්ෂා කළ දක්ෂිණ අධිවේගී මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය වැනි ව්‍යාපෘති ගණනාවක් ප්‍රධාන පෙළේ චීන සමාගම්වලට ලබා දීමට සාකච්ඡා කර එකඟතාවය ලබා ගෙන තිබුණත් රාජපක්ෂ පවුල පාලනයට ආ පසු එම ව්‍යාපෘතිවලින් අතිශය විශාල කොමිස් මුදල් ඉල්ලීම මත එම සමාගම්වලට රට අතහැර යාමට සිදු වූ බව ඇය සඳහන් කර තිබෙනවා.

“මම චීනයෙන් ණය ගත්තේ 1% පොලියට. රාජපක්ෂලා ණයට ගත්තේ 6%, 9% පොලියට. මොළේ බෝංචි ඇටයක් පමණවත් තියෙන රාජ්‍ය නායකයෙක් ඒ සා විශාල පොලියකට රාජ්‍ය ණය ගන්නේ නැහැ.

ඒවායිනුත් 2%ක් 3% ක් එයාලගේ සාක්කුවලට ගියා කියලයි කියන්නේ. මගේ කාලේ පටන් ගත්තා නොරොච්චෝලේ විදුලි බලාගාරය මෙගාවොට් 900ක් අපේ විදුලි පද්ධතියට එකතු කරන ව්‍යාපෘතියක්. විවිධ විරෝධතා රැසක් මැද්දේ අපි පටන් ගත්තා. අපි ඒක අත්සන් කළේ ඩොලර් මිලියන 280කට. ටෙන්ඩර් කැඳවලා ඒ වෙනකොට චීනෙ තිබ්බ ශක්තිමත්ම කම්පැනියක් ගෙනාවා. ටික දවසක් යනකොට මහින්ද රාජපක්ෂ බලයට ආවා. ආණ්ඩුවේ ප්‍රධාන ලොක්කෙක් එන්න කිව්වලු කම්පැනියට. එයාලා බොහොම සන්තෝෂෙන් ගිහින් තියෙනවා.

ව්‍යාපෘතියට ඩොලර් මිලියන 280 ගණනක් යනවා නේද? මට ඒකෙන් භාගයක් ඕන කොමිස් හැටියට කියලා කිව්වලු. ඒකියන්නේ ඩොලර් මිලියන 140ක්. එක ව්‍යාපෘතියකින්. ඒ මිනිස්සු වෙව්ලන්න පටන් අරන්. හිටපු ජනපතිනිය කිව්ව කාටවත් සතයක්වත් දෙන්න එපා කියලා ඒ අය කියලා තියෙනවා. එහෙම නම් ” කියලා. මෙයාලා අඬාගෙන චීන තානාපති ගාවට ගිහින් ගෙදර ගියා. ඉතිරි ව්‍යාපෘති හයටත් එහෙම වුණා.

නෙළුම් කුළුණ, කොළඹ කටුනායක පාර වගේ ව්‍යාපෘති හයක්. අපි ගෙනාපු හොඳම කොන්ත්‍රාත්කරුවන් අකුළ ගෙන ගියා. පස්සේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්ව චීනෙට යවලා පිණ්සෙණ්ඩු වුණා. එයාලා ආවේ නැහැ. ඊට පස්සේ සහෝදරයා ගිහින් පාරෙන් ඇහිඳගෙන වගේ කම්පැනියක් අල්ලන් මේක හැදුවා. අපි ඩොලර් මිලියන 280ට අත්සන් කරපු ව්‍යාපෘතිය ඩොලර් මිලියන 510ට අත්සන් කෙරුවේ. ඉතිරි සල්ලි ටිකට මොකද වුණේ. අරයගේ සාක්කුවට මිලියන 140ක් ගියා. ඉතිරි ව්‍යාපෘති ඔක්කොම මෙහෙමයි. ඒ වගේම තමයි පාරවල්. හරි ආසයි රාජපක්ෂ ආණ්ඩුව පාරවල් හදන්න. ඒවයින් තමයි ලේසියෙන් හොරකම් කරන්න පුළුවන් අහුවෙන්නේ නැතිව. ඇමරිකාවේ පාරක් හදනවාටත් වඩා 9 ගුණයකට තමයි පාරවල් හදලා තියෙන්නේ. මේ වගේ දස කෝටි ගණන් පාරවල්වලින් විතරක් හොරකම් කෙරුවා.

මහින්ද රාජපක්ෂ ප්‍රාදේශීය සභා, පළාත් සභාවලට එන්න කියලා (මට නම බය නැතුව කියන්න පුළුවන් අරගලයට පින්සිද්ධ වෙන්න දැන් බය නැතුව කතා කරන්න පුළුවන් නිසා) කියනවලු තමුසෙලාගෙ 20% කොම්ස් එක අමතක කරන්න එපා කියා. කැබිනට් මණ්ඩලයට කිව්ව හොරකම් කරන්න කියලා. අර අම්මණ්ඩි වගේ මම ඇඟිලි ගහන්න එන්නේ නෑ කිව්වලු. අර අම්මණ්ඩි කවුද? මම.

2005 වසරේ තමන් රට මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන විට රට විවිධ අංශ ගණනාවකින් දියුණුවට පත්ව තිබූ බව ඇය පවසා තිබෙනවා.

“මහා විනාශකාරී යුද්ධයක් මැද ආර්ථිකය විශාල වශයෙන් දියුණු කරලා දුන්නේ. අපි බලයට එනකොට තිබුණ රටවල් 200න් දුප්පත්ම රටවල් 25 අතර තමයි අපේ රට තිබුණේ. මගේ කාලය ඉවර වෙන්න කලින් ඒක පුද්ගල අදායම තුන් ගුණයකින් වැඩි වුණා. දළ ජාතික නිෂ්පාදිතය තුන් ගුණයකට වැඩි ප්‍රමාණයකින් වැඩි කරන්න පුළුවන් වුණා. පඩි නඩි වැඩි කරන්න පුළුවන් වුණා පස් ගුණයකින්.”

රට අන්ත බංකොලොත්භාවයට පත් වුණේ එම පාලන සමයේ සිදු වූ හොරකම් නිසා බවයි හිටපු ජනාධිපතිනිය වැඪි දුරටත් පවසා ඇත්තේ.

Latest News

More like this

බොන්ඩි බීච් ප්‍රහාරයෙන් ජීවිත ගණනාවක් බේරාගත් ඕස්ට්‍රේලියාවේ වීරයා

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි බීච් හි දී නිරායුධ සිවිල්...

උපාධි සහතිකය සම්බන්ධයෙන් රන්වලට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවද? ඔව්.. පුළුවන් – නලින්ද

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගෙ ආචාර්ය...

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...

දින කිහිපයකට පසු රන්වලගේ රුධිර සාම්පලයක් රස පරීක්ෂකට…

සපුගස්කන්ද ප්‍රදේශයේදී හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...