බොන්ඩි බීච් ප්‍රහාරයෙන් ජීවිත ගණනාවක් බේරාගත් ඕස්ට්‍රේලියාවේ වීරයා

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි බීච් හි දී නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයෙන් පසු ලෝකයම කතා කරන වීරයා වූයේ අහමද් අල් අහමද් (Ahmed al Ahmed) ය.

ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි අල්බනීස්ගේ සිට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු දක්වා ලෝක නායකයින් පවා එම අදහාගත නොහැකි කැප කිරීම පිළිබඳ ඔහුට කෘතඥ වී තිබෙනවා. ඔහු කළ දිවි පරදුවට තැබූ කැපවීම වෙනුවෙන් අහමද් වෙත සහාය දක්වා මේ වන විට අරමුදලක් ආරම්භ වී ඇති අතර එම අරමුදලට මේ වන විට ඩොලර් මිලියනයක මුදල් එක් රැස් වී ඇති බව සඳහන් වෙනවා.

ඔහු ගැන කතා බහ ආරම්භ වුණේ ලොවම කම්පා කළ බොන්ඩි බීච් වෙඩි තැබීම අතර තුවක්කුවක් අතැති ත්‍රස්තවාදියකු වෙත දිව ගොස් ඔහු සමඟ පොර බැද තුවක්කුව උදුරා ගන්නා අකාරය දැක්වෙන වීඩියෝවක් මතුවීමත් සමඟයි.

ඒ සමඟ තවත් ජීවිත ගණනාවක් අහිමි කිරීමට ත්‍රස්තවාදීන් දැරූ ප්‍රයත්නය ව්‍යර්ථ වී ගිය අතර එම සිදුවීමෙන් පසු තවත් ත්‍රස්තවාදියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අහමද් තුවාල ලැබූ බව වාර්තා වුණා.

ඉන් පසු අහමද් රෝහල් ගත කළ අතර වෙඩි ප්‍රහාරයෙන් උරහිස ප්‍රදේශයට සිදු වූ තුවාල හේතුවෙන් ඔහු සැත්කමකට භාජනය කළ බවයි වාර්තා වුණේ.

ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වන සිරියාවේ උපන් අහමද් අල් අහමද් පළතුරු වෙළෙන්දෙකු බව සඳහන්ය.

දෙවියන්ගේ ආශිර්වාදය මැද සුව වෙමින් සිටින අහමද් එම සිදුවීම පිළිබඳ මේ වන විට සිය පළමු අදහස මෙසේ ප්‍රකාශ කර තිබෙනවා. “සියලු දෙනාගේම උත්සාහය මම අගය කරනවා. අල්ලාහ් ඔබට ත්‍යාග ලබා දී ඔබට යහපැවැත්ම ලබාදේවා. දෙවියන් කැමති නම්, අපි සතුටින් ඔබ වෙත ආපසු එනවා. ඔබගේ උත්සාහයට ස්තූතියි. මම ඉතා දුෂ්කර සිදුවීමක්ට මුහුණ දුන්නා. සැම දෙනාටම ස්තූතියි. අල්ලාහ්ට පමණක් ප්‍රශංසා කරන්න. මා සහ මගේ මව වෙනුවෙන් යාඥා කරන්න”

බොන්ඩි බීච් හි යුදෙව් හනුක්කා සැමරුම අතරතුර පියෙකු සහ පුතෙකු විසින් එල්ල කරන ලද බිහිසුණු ප්‍රහාරයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 40 දෙනෙකු තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරකයන් සජිඩ් අක්‍රම් සහ නවීඩ් අක්‍රම් ලෙස හඳුනාගත් පකිස්තාන ජාතික සංක්‍රමණිකයන් දෙදෙනෙකු වන අතර ඔවුන් ත්‍රස්ත්වාදීන්ට සහයෝගය ලබා දෙමින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බව වාර්තා පවසනවා.

Latest News

More like this

අරගලයට පින් දිදී.. රාජපක්ෂ පවුල රට බංකොලොත් කළ ආකාරය හෙළි කරන චන්ද්‍රිකා

වසර 2009-2014 කාලය තුළ රාජපක්ෂ පවුල ප්‍රධාන පෙළේ ව්‍යාපෘතිවලින්...

උපාධි සහතිකය සම්බන්ධයෙන් රන්වලට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවද? ඔව්.. පුළුවන් – නලින්ද

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගෙ ආචාර්ය...

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...

දින කිහිපයකට පසු රන්වලගේ රුධිර සාම්පලයක් රස පරීක්ෂකට…

සපුගස්කන්ද ප්‍රදේශයේදී හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...