දේශපාලන වෙනසක් ගැන රනිල් ඉඟි කරයි..

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යම් දේශපාලන පෙරළියකට සුදානම් වන බවට වාර්තා එකින් එක පළ වීමට පටන් ගෙන තිබෙනවා.

හිටපු ජනපතිවරයා වරුණ දීප්ත රාජපක්ෂ වෙත ඒ පිළිබඳ ඉඟියක් ලබා දී ඇති බවයි එම වාර්තාවල සඳහන් වෙන්නේ.

එම වාර්තා අනුව ඔහු වරුණ වෙත පවසා ඇත්තේ එන වසර වැඩ අධික වසරක් වන බවටයි.

ඊට සූදානම් වන ලෙස ද හිටපු ජනපතිවරයා ඔහුට දන්වා තිබෙනවා.

රනිල් මෙම කරුණු වරුණ වෙත පවසා ඇත්තේ ඔහුගේ යුටියුබ් නාලිකාවට වසරක් පිරිම නිමිතෙන් ඊයේ (15) දින හලාවත නගරයේ සංවිධානය කර තිබූ විශේෂ උත්සවයේ දී දුරකතන ඇමතුමක් ලබා දෙමිනි.

දිට්වා සුළි කුණාටුව සහ ගංවතුරෙන් පිඩාවට පත් හලාවත ප්‍රදේශයෙ දුදරුවන් ට නොමිලේ පාසල් පොත් සහ උපකරණ බෙදා දීම ද එම අවස්ථාවේ දී සිදු කෙරුණා.

එම අවස්ථාවට වරුණ රාජපක්ෂ මෙන්ම පාර්ලිමෙන්තු මන්ත්‍රි චිත්‍රාල් ප්‍රනාන්දු, රංගන ශිල්පි චරිත් අබේසිංහ සහ මාධ්‍යවේදි ශානුක කරුණාරත්න සහාභාගි වී සිටියා.

වරුණ සහ චරිත් මේ වන විට සජබ ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කරන අතර ශානුක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලබනවා.

මෙම උත්සවය අවසානයේ ශානුක ගේ දුරකතනයට ඇමතුමක් ලබා දෙමින් වරුණට සුබ පතන අතර හිටපු ජනපති මේ බව ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සජබ සහ එජාපය නැවත එක් කිරීමට ද ඔහු යම් උත්සහයක් ගනිමින් සිටින බව පෙනී යනවා.

මේ අතර 2026 සිංහල අලුත් අවුරුද්ද වන විට ආර්ථික කඩා වැටීමක් සිදු වනු ඇති බවට හිටපු ජනාධිපතිවරයා පුරෝකථනය කර ඇති බව එජාප නියෝජ්‍ය මහා ලේකම් හරීන් ප්‍රනාන්දු සඳහන් කර තිබුණා.

මේ සියලු කාරණා සලකා බැලීමේදී හිටපු ජනපති රනිල් එන වසරේ යම් පෙරැළියක් කිරීමට අර අඳිමින් සිටින බව පැහැදිලි වන්නකි.

Latest News

More like this

2026 සිංහල අලුත් අවුරුද්ද වන විට ආර්ථිකය කඩාගෙන වැටෙනවා.. රනිල්ගෙන් පුරෝකථනයක්

2026 සිංහල අලුත් අවුරුද්ද වන විට ශ්‍රී ලංකාව ආර්ථික...

දිගටම මාව විවේචනය කරන්න.. මම රටටම හුස්ම පිඹින එක නතර කරන්නේ නැහැ.. විපක්ෂ නායක සජිත්

විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට මේ ක්‍රියාවලිය නිර්වචනය කළත් මේ...

දිවයින පුරා පොලිස් ස්ථානවල බැලුන් හිඟයක්… සපුගස්කන්දෙත් තිබිලා නෑ

දිවයිනේ බොහෝ පොලිස් ස්ථානවල මත්පැන් පානය කළ බීමත් රියැදුරන්...

‘රන්වල හොඳ මිනිසෙකි’ ආණ්ඩුවේ ස්ථාවරය එළියට

"රංවල.. හොඳ මිනිසෙකි... ඔහු ගැන නොදන්නා අයට අනුකම්පා කරමු.."...