තවත් රටවල් හතකට අමෙරිකාව තහනම්..

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් රටවල් හතකින් විදේශිකයන්ට ඇතුළුවීම සීමා කරන නව ප්‍රකාශයකට ඊයේ (16) අත්සන් තබා තිබෙනවා.

ධවල මන්දිරයේ නිල ප්‍රකාශයට අනුව එම තීරණය සමඟ අමෙරිකාවට ඇතුළු වීමට නොහැකි මුළු රටවල් සංඛ්‍යාව මේ වන විට 19කි. සිරියාව, බුර්කිනා ෆාසෝ, මාලි, නයිජර්, දකුණු සුඩානය, ලාඕසය, සියෙරා ලියොන් එක්සත් ජනපදය නවතම තහහනම නිකුත් කළ රටවල් හතට ඇතුළත්ය.

ධවල මන්දිර නිවේදනයේ සඳහන් වන ආකාරයට එක්සත් ජනපදයේ ආරක්ෂාව තහවුරු කිරීම ට්‍රම්ප්ගේ මෙම තීරණයේ අරමුණ වී තිබෙනවා.

පසුගිය සතියේ සිරියාවේ දී ISIS ප්‍රහාරයකින් අමෙරිකානු සොල්දාදුවන් දෙදෙනෙකු මිය යාම සිරියාව මෙම රටවල් ලැයිස්තුවට එක් කිරීමට හේතු වූ ආසන්නතම සිදුවීම ලෙස සැලකිය හැකිය. එය පසුගිය වසරේ හිටපු සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ පාලනය බිඳ වැටීමෙන් පසු සිරියාව තුළ සිදු වූ පළමු අමෙරිකානු මරණ සනිටුහන් කළා.

මේ වන විට ඇෆ්ගනිස්ථානය, බුරුමය, චැඩ්, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල් 12ට ද ඇමරිකාවට ඇතුළු වීම තහනම්ය.

Latest News

More like this

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...

බොලිවුඩයේ සදාකාලික වීරයා එක රැයින් දුෂ්ටයෙකු වේ

බොලිවුඩයේ සදාකාලික පෙම්වතා ලෙස ෂාරුක් ඛාන් ඔසවා තැබූ ඉන්දියානුවන්...