අවුරුද්දක් යනතුරු කෝච්චියේ නුවර යන්න හිතන්නවත් බැහැ – නි. ඇමති ප්‍රසන්න

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශ වූ මහනුවර දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට වසරක පමණ කාලයක් ගතවනු ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන මහතා පවසා තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ආකාරයට දිට්වා බලපෑමෙන් සමස්ත දුම්රිය පද්ධතියට සිදු වූ හානිය රුපියල් බිලියන 340 ක් පමණ වන බව සඳහන්ය.

පේරාදෙණිය කළු පාලම දැඩි ලෙස හානි වී නැතත් එම පාලමේ අඩිතාලම මෙන්ම වැනි රඹුක්කන – මහනුවර දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක් දැඩි හානි වී ඇති නිසා ඉන්නේරුවන් විසින් නිසි තක්සේරුවක් කර රේල්පාර සකස් කර යුතු බව ඒ මහතා පෙන්වා දී තිබෙනවා.

නායයෑමට ලක්වූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටින නානුඔය දුම්රිය ස්ථානයේ සහ හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉන්ජිනේරුවන් සහ සේවකයන් කියා සිටින්නේ කොටගල, ග්‍රේඩ්වෙස්ටන්, නානුඔය, පැරකුම්පුර සහ අඹේවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ අධික කඳු සහ බෑවුම් සහිත ස්ථානවල දුම්රිය මාර්ගයේ මීටර් 50 සිට 100 දක්වා කොටස් නාය ගොස් ඇති බවයි.

ග්‍රේඩ්වෙස්ටන් කඳුවැටියට පහළින් නායගිය ස්ථානයේ පස් පිරවීමට හෝ දුම්රිය මාර්ගය අලුතින් වෙනත් ස්ථානයකින් කැපීමට නොහැකි තත්ත්වයක් පවතින බවත් පවත්නා තත්ත්වය මත කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට දිගු කාලයක් ගතවන බවත් ඉන්ජිනේරුවරු පවසා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...