කාලගුණ දෙපාර්තමේන්තු නිලධාරීන් කාර්යාල අඩස්සියේ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට ආණ්ඩුවේ බලපෑමට නතුවී කාර්යාල අඩස්සියට පත්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා.

විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මේ වන විට බාහිර පුද්ගලයින් සමඟ කතා කිරීමට හෝ කිසිවෙකු හමුවීමට අවසර නොමැති බව සඳහන් කරමිනි.

පාර්ලිමේන්තුවේ දී අද (18) ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පැවසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්පූර්ණයෙන් කප්පාදු කර ඇති බවයි.

විපක්ෂ නායකවරයා එහිදී වැඩි දුරටත් මෙසේ සඳහන් කර සිටියා.

“ජනතාවගෙන් සත්‍යය සැඟවීම සඟවලා හරියන්නේ නැහැ. අද කාලගුණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තමන්ට ඕනෑ ආකාරයට ඉන්ටර්වීව් එකක් දීගන්න බැහැ. ඔවුන් නිවාස අඩස්සියට හෝ කාර්යාල අඩස්සියට අරගෙන. ඒ අයව කාර්යාලයට සීමා කරලා තියෙනවා. කාගෙන්වත් අහන්නෙ නැතිව ඉන්ටර්වීව් එකක් දෙන්න බැහැ. මේ තොරතුරු කරුණු කාරණා හංගන්න හොඳ නැහැ. හරි නම් හරි කියන්න ඕන. වැරදි නම් වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕන. කාලගුණේ නිලධාරීන්ගේ කටවල් වහලා හරියන්නේ නැහැ.”

Latest News

More like this

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...