එළඹෙන අප්‍රේල් මස වන විට රට තුළ ගෑස් හිඟයක් ඇති වන බව පර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා.
2026 ජනවාරි මස පළමු දින සිට මෙරටට ගෑස් ආනයනය කරනු ලබන්නේ ස්විස්ටර්ලන්තයේ නම් සමාගමක් විසින් බව ඔහු කියා සිටියා. පසුගිය වසර 10 ක් පුරාවට ගෑස් ආනයනය කරනු ලබන ඕමාන් ආයතනය ඉවත් කිරීම නිසා මෙම ප්‍රශ්නය උද්ගත වන බවයි ඔහු ප්‍රකාශ කළේ.
එම සමාගම යටතට ගෑස් ආනයනය පත් වුණොත් ලබන මාර්තු මස හා අප්‍රේල් මාසය වන විට ලිට්‍රෝ නිල් පාට ගෑස් හිඟයක් මතු වීම වැළැක්විය නොහැකි බව ඇය පවසා තිබෙනවා.
එමෙන්ම නව සමාගම මේතාක් ආසියාවේ කිසිදු ආයතනයකට තෙල් ආනයනය නොකරන රටක් බව ද ඔහු පෙන්වා දී තිබෙනවා. චාමර සම්පත් දසනායක මේ බව කියා සිටියේ අද (18) පාර්ලිමේන්තුව අමතමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“ලිට්‍රෝ ගෑස් එක මෙතෙක් කල් කරගෙන ගියේ ඕමාන් රජයේ ආණ්ඩුවෙන්. ඕමාන් ආණ්ඩුවෙන් තමයි මේ ලිට්‍රෝ ගෑස් මේ අද වෙනකන් දෙන්නේ. පළවෙනිදා ඉදන් මේක කැබිනට් අනුමැතියක් දීලා මං හිතන්නේ GEO ගෑස් (geogas) කියලා සුවිශේෂ කොම්පැනියකට. GEO ගෑස් කියල ස්විස්ටර්ලන්තයේ කොම්පැනිය්කට දීලා තියෙනවා මේ ගෑස් ගෙන්නන්න. හැබැයි අද වෙනකම් ගෙන්නන්නේ ප්‍රශ්නයක් නැතුව අවුරුදු 10ක් ගෑස් ගෙන්නපු ඕමාන් කොම්පැනය අයින් කරලා GEO ගෑස් කොම්පැනියට දීලා තියෙනවා. හැබැයි මේ ඕමාන් කොම්පැනියෙන් ගෙනාපු හැම ගෑස් එකක්ම මුහුදේ මැද ඉඳලා ප්‍රමිති ආයතනය චෙක් කරා. ප්‍රමිතිය ආයතනය චෙක් කරලා තමයි මුහුදේ මැද ඉඳලා ගෙනාවේ ගෑස් ටික මං හිතන විදියට. හැබැයි දැන් කියනවා මේගොල්ලා ගිවිසුමක් අත්සන් කරන්නෑ දැන්. තාම ගිවිසුන් අත්සන් කරලා නෑ. මේගොල්ලෝ කියනවා නැව් 4කින් හරියට නැවක් ඕනේ ලංකාවට දවස් හතරකට සැරයක් නැවක් ඕනේ අපේ රටට. හැබැයි දැන් මේගොල්ලෝ ටෙන්ඩර් ආවට පස්සේ සමාගම කියනවාලු අපිට චෙක් කරන්න බෑ මුහුද මැදට ගෙනල්ලා. ගෙනත් ප්‍රමිති ආයතනයේ සහතික අවශ්‍ය නැහැ කියලා. ඒ වගේම මේගොල්ලෝ කියනවාලු අපිට නැව් දෙකකින් ගෙනත් දෙන්න, අවස්ථාව කියලා. මම අනිවාර්යයෙනම කියනවා මේ මාසේ පළවෙනිදා වෙනකොට මේගොල්ලෝ තවම ගිවිසුම් අත්සන් කරලා නෑ. තව මාස තුනක් යනකොට මේ සමාගමට මේක ගියොත් අනිවාර්යයෙනම ලිට්‍රෝ ගෑස් හිඟයක් ලංකාවේ ඇතිවෙනවා. ඒක කාටවත් කාටවත් වළක්වන්න බෑ.”
