රටට වුණු හානිය ලෝකෙට පෙන්නන වීඩියෝ පටයක් හදාගන්න තාම ආණ්ඩුවට බැරි වුණා – මරික්කාර්

දිට්වා සුළි කුනාටුවෙන් සිදු වුණු හානිය තක්සේරු කිරීමට රජය අපොහොසත් වී ඇති අතර එම හානිය නිවැරදිව ජ්‍යාත්‍යන්තරය වෙත සන්නිවේදනය කිරීමට සමත් වී නැතැයි එස්. එම්. මරික්කාර් මහතා පවසනවා.

එම හානිය පෙන්නුම් කිරීම සඳහා වීඩියෝ පටයක් නිර්මාණය කර ගැනීමට ආණ්ඩුවට මේ තාක් හැකි නොවුණු බවයි ඔහු සඳහන් කළේ.

ඔහු මේ බව සඳහන් කළේ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් අද දින (18) පාර්ලිමේන්තුවට යොමු කරනු ලැබූ අවස්ථාවේ දීය.

වාර්තාවන ආකාරයට ආපදාවෙන් රජයට සිදු වූ හානිය බිලියන 900ක් වන බවත් බිලියන 500ක් වැනි මුදලකින් එම හානි පූර්ණය කරගන්නේ කෙසේද යන බරපතල ගැටලුවක් පවතින බව ඔහු මෙහිදී කියා සිටියා.

“පාළම් දුම්රිය එක්කම මහාමාර්ගවලට, පාසල්වලට යටිතප හසුකම් කියලා මේ ඇස්තමේන්තුවෙන් රු බිලියන 250යි වෙන් කරලා තියෙන්නේ. පසුගිය සතියේදි අපි යටිතල පහසුකම් සහ උපාය මාර්ග පිළිබඳ පාර්ලිමේන්තු ආංශික කාරක සභාවෙදි හොයාගත්තා RDA එකට විතරක් ඕන රු බිලියන 190ක්. පළාත් බද මාර්ගවලට අදාළ වියදම පිළිබඳ තක්සේරුවක්වත් කරලා නැහැ. ඒ නිසා මේක ප්‍රමාණවත් ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේකත් නත්තල පප්පගේ කතාව වගේ කතාවක්ද කියලා ප්‍රශ්නයක් අපට තියෙනවා. විදුලි බල මණ්ඩලයට විතරක් රු බිලියන 20ක් පාඩුයි. විදුලි බල මණ්ඩලයට මේකෙන් සල්ලි දෙනවද කියන්න මම දන්නේ නැහැ. හැබැයි විදුලි බල මණ්ඩලය ඇමරිකන් ඩොලර් මිලියන 100ක් ණය ගන්න හදනවා. ඒ ණය ගත්තම විදුලි බිල වැඩි කරනවා කියලා ඔවුන් පැහැදිලිවම කියනවා. ජල සම්පාදනයට බිලියන 6ක් පාඩුයි. අපිට ආරංචි විදියට යටිතල පහසුකම්වල විතරක් හානිය බිලියන 900ක්. ඒ බිලියන 900 අපි වගේ දුප්පත් රටකට තනියෙන් දාන්න පුළුවන් ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද ගෝඨාභය රාජපක්ෂ බිලියන 800ක් බදු සහන දුන්නම ආර්ථිකය කඩන් වැටුනා. මේ ආණ්ඩුව තවම අපේ රටට වුණු හානිය ගැන වීඩියෝ පටයක් හදන්න සමත් වෙලා නෑ තාම. ජ්‍යාත්යන්තරයට ප්‍රසන්ට් කරන්න. ජ්‍යාත්‍යන්තරයට ප්‍රසන්ට් කරලා ඔවුන්ගේ අනුකම්පාව අරගෙන ඔවුන්ගේ ආධාර ඇතුව තමයි මේක යන්න වෙන්නේ.

කොළොන්නාව ප්‍රදේශයේ අර්ධ හානි වූ ගෙවල් 3,000යි ලු තියෙන්නේ. අඩි හතරේ ඉඳන් දොළහ දක්වා වතුර ආවා. එතකොට තුන්දාහකටද පාඩුව දෙන්නේ. එතකොට ඉතිරි ගෙවල් 27,000ට දෙන්නේ නැද්ද? ඉන්නකෝ සම්බුව හම්බවෙයි එහෙම කරන්න ගියොත්.

එබැවින් ලංකාවේ තත්ත්වයට අදාළ ප්‍රසන්ටේෂන් එකක් නිර්මාණය කර ජ්‍යාත්‍යන්තරයට ඉදිරිපත් කරන්නැයි ඔහු රජයෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

Latest News

More like this

නියත වශයෙන්ම ලිට්‍රෝ ගෑස් හිඟයක් එනවා..

එළඹෙන අප්‍රේල් මස වන විට රට තුළ ගෑස් හිඟයක්...

කාලගුණ දෙපාර්තමේන්තු නිලධාරීන් කාර්යාල අඩස්සියේ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට ආණ්ඩුවේ බලපෑමට...

ඖෂධ ආනයනයට රජය හෝ අමාත්‍යවරයා මැදිහත් වෙන්නේ නැහැ.. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි..

ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත...

සෞඛ්‍ය ඇමතිතුමනි, අපි මීයොද?

වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන්...