උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා පවසනවා.

මෙම ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු ආගමානුකූලව සිදු කළ පළමු ක්‍රියාව ඊයේ (18) ඌව පළාතේ දී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් සිදු කර ඇති බවයි.

පහු වී හෝ එසේ ආණ්ඩුව ආගමානුකූල වීම පිළිබඳ තමා සතුටු වන බව ඔහු ප්‍රකාශ කළේ අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරමිනි.

“සමන්ත විද්‍යාරත්න ගොවි සංවිධාන එක්ක එකතුවෙලා උමා ඇළට වැලි කොට්ට දාල ඇළ හදලා පිරිත් පැන් උමා ඇළට අත ඇරලා තිබුණා. මම ඒ ගැන සතුටු වෙනවා. ආණ්ඩුව පිරිත් පැන් දාලා පටන් ගත්ත පළමු වැඩේ. ආගම දහමට මුල් තැන දීලා වැඩක් කරලා තියෙනවා. පහුගිය අවුරුද්ද පුරාම ආගම පැත්තකටවත් වද්ද ගන්නෙ නැතුව තමයි මේ ආණ්ඩුව වැඩ කළේ. බෞද්ධ හරි ක්‍රිස්තියානි හරි මුස්ලිම් හරි කිසිම ආගමක් ගාවගත්තේ නැහැ. ප්‍රාදේශීය සභාවකවත් ආගම සිහි කළේ නැහැ. ඒ නිසා මොකක් හරි ආගමක් සිහිපත් කිරීම ගැන මම සතුටු වෙනවා මේ ආණ්ඩුව ඊයේ පිරිත් පැන් ටිකක් දාලා පටන් ගත්තා. මස්ත බාල්දුව යන්න කියලා. එහෙමවත් හිතුව එක ගැන මම සතුටු වෙනවා. ”

එමෙන්ම ඔහු මෙසේ ද සඳහන් කර සිටියා.

“මම යි රෝහිත අබේගුණවර්ධනයි පාර්ලිමේන්තුවට ආවම මුලින්ම කිව්වේ වල් පැළ දෙකක් පාර්ලිමේන්තු ආවා කියලා. අද ඇඹිලිටිය පැත්තෙන් ආව ගංජා පැළත් පාර්ලිමේන්තුවේ තියෙනවා”

Latest News

More like this

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...

බැලුන් නෑ කිවු කතාව අතේ රෝලක්.. ජනපති පොලිස් ඇමතිට පලු යන්න අමතලා..

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ රිය අනතුර හේතුවෙන් ආණ්ඩුව දැඩි...

ට්‍රම්ප්ව නොසලකා පුටින්ව ලොකු කර ගැනීමට අනුර සැරසේ

ස්වාභාවික ද්‍රව වායු (LNG) පර්යන්තයක් ඉදිකිරීම සහ සපුගස්කන්ද තෙල්...

දේශපාලන වෙනසක් ගැන රනිල් ඉඟි කරයි..

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යම් දේශපාලන පෙරළියකට සුදානම්...