ගෑස් හිඟයක් නෑ.. නැව එනවා – විජිත

ගෑස් හිඟයක් ළඟදීම ඇති වන බවට අද (18) පාර්ලිමේන්තුව තුළ සිදු කරනු ලැබූ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, නව සැපයුම්කරු වන ස්විට්සර්ලන්තයේ Geogas Trading SA යටතේ පළමු ගෑස් නැව්ගත කිරීම 2026 ජනවාරි 5 වන දින වන විට ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත බවයි.

එබැවින් ගෑස් හිඟය පිළිබඳ ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් බව ඔහු පෙන්වා දී තිබෙනවා.

පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා පැවසුවේ, ශ්‍රී ලංකාවට ගෑස් සැපයීමේ ටෙන්ඩරය පෙර ඕමාන් සමාගමෙන් Geogas Trading SA වෙත ලබා දී ඇති අතර අදාළ ගිවිසුම් දැනටමත් අත්සන් කර ඇති බවයි.

Latest News

More like this

ග්‍රීන්ලන්තයේ සෑම පුරවැසියෙකුටම ට්‍රම්ප්ගෙන් ඇ ඩොලර් 100,000ක ඔෆර් එකක්

ඩෙන්මාර්කයෙන් වෙන් වී ඇමරිකාවට එක්වීම සඳහා සෑම ග්‍රීන්ලන්ත පුරවැසියෙකුටම...

සිංහයා යළි කකුල් සතරෙන් සිටගනී. ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය තවමත් අක්‍රීයයි..

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය...

ඉරානය නොසන්සුන් කළ ආගමික සංස්ථාව හා වෙළඳ පැලැන්තිය අතර ගැටුම

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩව දහතුන්වන දිනටත් සිකුරාදා පැවැත්වුණේ...

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...