එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට හානියක් නොවීමට රජය වගබලා ගත් බව විදේශ අමාත්‍ය විජිත හේරත් අද (18) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා.

එය රජය සිදු කළ කැපවීමේ ප්‍රතිඵලයක් බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම මෙම අසීරු අවස්ථාවේ සහායට පැමිණි සෑම විදෙස් රටකටම සහ තවමත් සහයෝගය ලබා දෙමින් සිටින විදෙස් රටවලට, ජ්‍යාත්‍යන්තර සංවිධාන හා දෙස් විදෙස් සිවිල් සංවිධාන වෙත සිය කෘතඥතාවය පළ කරන බවයි ඔහු සඳහන් කළේ.

නමුත් ඔහුගේ කතාව තුළ ආපදා තත්ත්වය නිවැරදිව ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් අහිමි වූ අපේම මිනිසුන් ගැන හෝ ඔවුන් බේරා ගැනීමට රජයක් ලෙස ක්‍රියාත්මක වීමට නොහැකි වුණේ ඇයි ද යන්න ප්‍රකාශ වුණේ නැහැ.

ඔහු ඒ වෙනුවට සඳහන් කළේ හදිසි ආපදාවක් සිදු වූ බවත් එම ආපදාව සිදු වූ මොහොතේම රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වූ බවයි.

Latest News

More like this

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...