ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර දරුවන් පස් දෙනෙකු HIV රෝගයට ගොදුරු වී ඇතැයි වාර්තා වෙනවා.

මෙය ඉන්දියාවේ සෞඛ්‍ය සේවයේ බරපතල නොසැලකිල්ල පිළිබඳ සන්ධිස්ථානයක් වනු ඇති බව පැවසෙනවා.

මෙසේ HIV ආසාධනය වී තිබෙන්නේ තැලසීමියා රෝගයට ප්‍රතිකාර ලෙස රුධිර පාරවිලයනය සිදු කළ දරුවන් කිහිප දෙනෙකි..

දිවි ගලවා ගැනීම සඳහා නිතිපතා රුධිර පාරවිලයන මත යැපෙන තැලසීමියා රෝගයට ගොදුරු වූ දරුවන්ට විවිධ රුධිර බැංකු තුනකින් ලබාගත් රුධිර ඒකක 189 ක් ලබා දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.

මෙම ක්‍රියාවලියේදී, රුධිර පරිත්‍යාගශීලීන් 150 කට අධික සංඛ්‍යාවකගෙන් ලබා ගත් රුධිරය ඔවුන් වෙත ලබා දී ඇති බව සඳහන්ය. දිස්ත්‍රික් මට්ටමේ පරීක්ෂණවලින් දරුවන්ට ආසාධනය වූයේ එම පරිත්‍යාගශීලින්ගෙන් ලබා දුන් ලේවලින් යන්න තහවුරු වී තිබෙනවා. මේ වන විට රුධිර බැංකු භාරකරුවෙකු සහ සහායකයින් දෙදෙනෙකුගේ සේවය අත් හිටුවීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Latest News

More like this

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...