ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ තමන් වෙත විශාල ප්‍රහාරයක් දියත් කර ඇති බව සමන්ත භද්‍ර හිමියන් පවසනවා.
එයට ප්‍රධානම හේතුව ආපදාවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා පක්ෂ අරමුදල ලබා දෙන්නැයි තමා කළ ඉල්ලීම බව උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඉරාජ් වීරරත්න සමඟ යූ ටියුබ් සංවාදයක් අතරතුරදීය.
“අපිට ගහන ප්‍රධානම හේතුව පක්ෂ රමුදල දීපියව් කිව්ව එක. අදටත් පක්ෂ අරමුදල දුන්නේ නැහැ. අහිංසක මිනිස්සු විතරයි සල්ලි දුන්නේ. මේ බොරුවට විරුද්ධව මම එදාත් හිටගත්තා. අදත් හිටගන්නවා. හෙටත් හිටගන්නවා. මෙම රජය වැඩ කරයි යනුවෙන් තමා මුලින් කල්පනා කළ බවත්, ඒ සඳහා සහයෝගය ලබා දීමට ද තීරණය කරගෙන හිටි බවත් නමුත් මේ වන විට ආණ්ඩුව් අසාර්ථක බව තහවුරු වෙමින් පවතින බවද උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.”
එමෙන්ම සුදත්ත තිලක්සිරි ඇතුළු හා රාජාංගනයේ හාමුදුරුවෝ නමින් යූ ටියුබ් පවත්වාගෙන යන යූ ටියුබ්කරුවන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමට එරෙහිව රු මිලියන 500ක වන්දි ඉල්ලා නඩු පැවරීමටද සමන්ත භද්‍ර හිමියන් මෙහි දී අවධාරණය කර සිටියා.
