ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම හේතුවෙන් වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම්…

ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ලද මූලික විමර්ශනයන්ට අනුව ඒ මහතා වගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම වැඩ තහනම සිදු කළ බවයි බලධාරීන් සඳහන් කර තිබෙන්නේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ ඊට අදාළ ලිපිය මේ වන විට නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගැනීමට නියමිත බව එම ලිපියේ සඳහන්ය.

Latest News

error: Content is protected !!