නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ ‘ලස්සන රටක් පොහොසත් ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරනු ඇති බවයි ඇය සඳහන් කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මතු කරන ලද ස්ථාවර නියෝග 27/2 පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පෙර පැවති කමිටු වාර්තා සහ අනෙකුත් යෝජනා මේ වනවිට අධ්‍යයනය කරමින් පවතින බවත්ය.

කෙටුම්පත පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ඇය සඳහන් කරනු ලැබුවා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් ආරම්භ කර ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමකින් තොරව එය කළ නොහැකි බව වැඩි දුරටත් සඳහන් කර සිටියා.

Latest News

More like this

හරිනි වෙනුවෙන් අලවංගුවක් නොවී සිටීමට අනුරට හැකි වේවිද?

අනුර කුමාර දිසානායක මහතාට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්...

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...