බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා කොළඹ ජාතික රෝහලේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කිරීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය විරෝධය පළ කිරීමට කටයුතු කර තිබෙනවා.

අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් සජිත් ප්‍රේමදාස පැවසුවේ ඔන්ඩන්සෙට්‍රෝන් නම් එන්නත විශ වීම හේතුවෙන් දෙදෙනෙකු මියයාමේ සිදුවීම පිළිබඳ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහුගේ වැඩ තනම් කිරීම බෙහෙවින්ම අසාධාරණ බවයි.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ සඳහන් කළා.

‘සෞඛ්‍ය අයිතිය මූලික අයිතිවාසිකමක්. ඔන්ඩන්සෙට්‍රෝන් කියන බාල එන්නත දීලා ජීවිත දෙකක් අහිමි වෙලා තියෙනවා. කාගෙද වැඩ තහනම් වෙලා තියෙන්නේ. බෙල්ලන මහත්තයා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන දූෂණ හා වංචා පිළිබඳ කතා කිරීම නිසා එයාව ගෙදර යවලා තියෙනවා. මොකක්ද මේකේ සාධාරණත්වය? මම අහන්න කැමතියි ඒ ජීවිත අහිමි වුණු හබරකඩ 37 හැවිරිදි කාන්තාවට මතුගම 23 හැවිරිදි තරුණියන් දෙදෙනාගේ ජීවිත අයිතිය නැති වුණා. මොකක්ද රජය දෙන උත්තරය? ඒ ජීවිතවලට කවුද යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්නේ?’

Latest News

More like this

ග්‍රීන්ලන්තයේ සෑම පුරවැසියෙකුටම ට්‍රම්ප්ගෙන් ඇ ඩොලර් 100,000ක ඔෆර් එකක්

ඩෙන්මාර්කයෙන් වෙන් වී ඇමරිකාවට එක්වීම සඳහා සෑම ග්‍රීන්ලන්ත පුරවැසියෙකුටම...

සිංහයා යළි කකුල් සතරෙන් සිටගනී. ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය තවමත් අක්‍රීයයි..

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය...

ඉරානය නොසන්සුන් කළ ආගමික සංස්ථාව හා වෙළඳ පැලැන්තිය අතර ගැටුම

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩව දහතුන්වන දිනටත් සිකුරාදා පැවැත්වුණේ...

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...