අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා දැමීමෙන් පසු බංග්ලාදේශයේ නගර කිහිපයක ප්‍රචණ්ඩ විරෝධතා ඇති වී තිබෙනවා.

ඔහුගේ මරණයෙන් පසු දහස් ගණන් ජනයා වීදි බැස ඔහුගේ ඝාතකයන් අත්අඩංගුවට ගන්නා ලෙස රජයෙන් ඉල්ලීම් කිරීමට පටන් ගත් අතර ඉන් පසු එම ඉල්ලීම් ප්‍රචණ්ඩකාරී ගැටුමක් දක්වා වර්ධනය වූ බවයි වාර්තා වන්නේ.

කෝපයට පත් විරෝධතාකරුවන් ප්‍රධාන පුවත්පත් දෙකක කාර්යාල ඇතුළුව අගනුවර ගොඩනැගිලි කිහිපයකට ගිනි තැබූ අතර කාර්ය මණ්ඩල එහි සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

රටේ 2024 ප්‍රජාතන්ත්‍රවාදී නැගිටීමේ නායකයා වූ හාඩි ඔහුගේ ප්‍රබල ඉන්දීය විරෝධී ස්ථාවරය සඳහා ප්‍රසිද්ධ චරිතයකි. ඩකාහි මුස්ලිම් පල්ලියකින් පිටව යමින් සිටියදී ඔහු පසුගිය දා වෙඩි ප්‍රහාරයකට ගොදුරු වුණා. ප්‍රතිකාර සඳහා ගුවනින් සිංගප්පූරුවේ රෝහලකට රැගෙන ගිය නමුත් බ්‍රහස්පතින්දා (දෙසැ 18) ඔහු මිය ගොස් තිබුණා.

Latest News

More like this

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...

ගෑස් හිඟයක් නෑ.. නැව එනවා – විජිත

ගෑස් හිඟයක් ළඟදීම ඇති වන බවට අද (18) පාර්ලිමේන්තුව...