නිළ ඇදුමින් නිරුවත පෙන්වූ පොලිස් නිළධාරිනියගේ වැඩ තහනම්..

මීගමුව ප‍්‍රදේශයේ පොලිස් කාර්යාලයක සේවය කරන පොලීස් නිලධාරිනියක් නිල ඇදුමින් තම නිරුවත් ලැම ප්‍රදේශය සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව තිබේ.

කොස්තාපල්වරිය මිල්ලනිය පොලිසියේ රාජකාරිය කරමින් සිටින වකවානුවේ දී නිල ඇඳුමෙන් සැරසී පපු ප්‍රදේශය පෙනෙන ආකාරයට පටිගත කළ වීඩියෝ දර්ශන පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු විසින් මුහුණු පොත හා වට්ස්ඇප් සමාජ මාධ්‍ය මගින් පළ කර ඇත.

පොලිස් කොස්තාපල්වරිය සදහන් කර ඇත්තේ ඔහු ඇයගේ හිටපු පෙම්වතා බවයි.

කෙසේ වෙතත්, පොලිස් කොස්තාපල්වරිය විසින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් කොස්තාපල්වරයාව අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් නිලධාරිනියගේ ද වැඩ තහනම් කර ඇත්තේ නිල ඇදුමින් මෙවන් ක්‍රියාවල නිරත වීම මතය.

මෙම සිද්ධියට අදාළව මූලික විමර්ශනයක් පවත්වා කොස්තාපල්වරියගේ වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ මීගමුව සහකාර පොලිස් අධිකාරිවරයකු විසිනි.

Latest News

More like this

2026 සිංහල අලුත් අවුරුද්ද වන විට ආර්ථිකය කඩාගෙන වැටෙනවා.. රනිල්ගෙන් පුරෝකථනයක්

2026 සිංහල අලුත් අවුරුද්ද වන විට ශ්‍රී ලංකාව ආර්ථික...

දිගටම මාව විවේචනය කරන්න.. මම රටටම හුස්ම පිඹින එක නතර කරන්නේ නැහැ.. විපක්ෂ නායක සජිත්

විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට මේ ක්‍රියාවලිය නිර්වචනය කළත් මේ...

දිවයින පුරා පොලිස් ස්ථානවල බැලුන් හිඟයක්… සපුගස්කන්දෙත් තිබිලා නෑ

දිවයිනේ බොහෝ පොලිස් ස්ථානවල මත්පැන් පානය කළ බීමත් රියැදුරන්...

‘රන්වල හොඳ මිනිසෙකි’ ආණ්ඩුවේ ස්ථාවරය එළියට

"රංවල.. හොඳ මිනිසෙකි... ඔහු ගැන නොදන්නා අයට අනුකම්පා කරමු.."...