බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා මත මයිමෙන්සිං දිස්ත්‍රික්කයේ භාලුකා උපසිලා හි තරුණ හින්දු ජාතිකයෙකු මැර කල්ලියක් විසින් ඝාතනය කර තිබෙනවා.
බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ කෝපයට පත් විරෝධතාකරුවන් 30 හැවිරිදි දීපු චන්ද්‍ර දාස්ගේ දේහය ගිනි තබා පුළුස්සා දමා ඇති බවයි.
මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය ඇවිළුණේ බංගලාදේශයේ ජූලි අරගලයේ ප්‍රමුඛ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතනය කිරීමත් සමඟය.
එම ඝාතනය හේතුවෙන් බංග්ලාදේශය පුරා ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා මැද මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා. මේ අතර මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය හින්දු ජාතිකයාගේ ඝාතනය දැඩි ලෙස හෙළා දැක ඇති අතර, නව බංග්ලාදේශයක එවැනි ප්‍රචණ්ඩත්වයකට ඉඩක් නොමැති බවයි සඳහන් කර තිබෙන්නේ.
මෙම දරුණු අපරාධයට වගකිව යුතු අයට ගැලවීමක් නැති බව රජය අවධාරණය කර තිබෙනවා.
ලෝක අරාබි භාෂා දිනය සනිටුහන් කරමින් පැවති උත්සවයකදී ඉස්ලාම් ආගම සහ මුහම්මද් නබිතුමා පිළිබඳව අපහාසාත්මක අදහස් පළ කළ බවට ඝාතනය වූ හින්දු ජාතිකයට චෝදනා එල්ල වී ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.
