ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය වැඩි කර ගනිමින් සිටින බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන සරෝජ් පතිරණ මහතා පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව ජනාධිපති අනුර හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ ක්‍රමවේදයම ඒ අයුරින්ම ක්‍රියාත්මක කරමින් සිටින බවයි ඔහු පවසන්නේ.
හිටපු ජනපති රනිල් නීති විරෝධී ආකාරයෙන් නීතිපති ගේ කාලය දික් කරමින් බරපතල දූෂණ චෝදනා එල්ලවූ හිටපු නීතිපති සංජේ රාජරත්නම් අගවිනිසුරු කිරීමට උත්සහ කළ අතර ජනපති අනුර විගණකාධිපති පදවිය විෂයෙහි හැසිරෙමින් සිටින්නේද ඒ අයුරින්මය.
“රනිල් නීති විරෝධී විදියට නීතිපති ගේ කාලය දික් කරලා, බරපතල දූෂණ චෝදනා එල්ලවෙලා හිටපු නීතිපති සංජේ රාජරත්නම් අගවිනිසුරු කරන්න උත්සහ කරනකොට අපි හැමෝම ඒකට ප්‍රසිද්ධියේ විරුද්ධ වුණා. වාසනාවකට ව්‍යවස්ථා සභාවේ විරෝධය නිසා රනිල්ට ඒ උත්සාහය අකුල ගන්න සිද්ද වුණා. විගණකාධිපති පදවියට සුදුසුකම් තියන නියෝජ්‍ය විගණකාධිපතිතුමා නම් නොකර, දූෂණ චෝදනා තියන නුසුදුසු පුද්ගලයින් වරින්වර නම් කරමින් දැන් අනුරත් හොර ගල් අහුලමින් රනිල් ගිය පාරේම යමින් ඉන්නව. රනිල් එදා කළ ඒ වැඩේ වැරදි නම්, ජවිපෙත් එදා ඒකට විරුද්ධ වුණා නම්, ඒ වැඩේම අනුර කරන කොට ඒක නිවැරදි වෙන්නේ කොහොමද?”
සරෝජ් පතිරණ මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි එසේ සටහන් කර තිබෙනවා.
එමෙන්ම රනිල් ආර්ථික අර්බුදය ඉදිරියට දමා පළාත් සභා මැතිවරණය කල් දැමූ ආකාරයෙන්ම ජනපති අනුර කුමාර දිසානායක ද පළාත් සභා මැතිවරණය කල් දමමින් හා ව්‍යවස්ථා දායක සභාවට හිතවතුන් පත් කරගනිමින් විධායක ජනාධිපති ධුරයේ බලතල වැඩි කරගනිමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
