අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක 70 කට වැඩි ගණනකට දැවැන්ත ප්‍රහාර මාලාවක් ඉලක්ක කර තිබෙනවා.

ප්‍රහාරය නිවේදනය කරමින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ පසුගිය සතියේ ඇමරිකානු හමුදා ඝාතනය කළ “මිනීමරු ත්‍රස්තවාදීන්ට” එරෙහිව “එක්සත් ජනපදය ඉතා බරපතල පළිගැනීමක් සිදු කරන” බවයි.

මෙය ප්‍රහාරය ඇමරිකාව විසින් සිදු කළේ මධ්‍යම සිරියාවේ IS ප්‍රහාරයකින් ඇමරිකානු හමුදා භටයින් දෙදෙනෙකු සහ සිවිල් පුරවැසියෙකු ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙසයි.

මෙම ඝාතනයෙන් පසු ජනාධිපති ට්‍රම්ප් IS සංවිධානයෙන් පළිගන්නා බව ඔහුගේ Truth සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේද අවධාරණය කරනු ලැබුවා.

ඇමරිකානුවන්ට පහර දීමට තරම් නපුරුවන සියලුම ත්‍රස්තවාදීන්ට අනතුරු ඇඟවීමයි ඔහු උත්සාහ ගෙන තිබුණේ.

“අමෙරිකා එක්සත් ජනපදයට පහර දීමට හෝ තර්ජනය කිරීමට උත්සහ කළොත් ඔබට මීට පෙර කිසිදාක පහර දී නොමැති තරම් දරුණු ලෙස පහර දෙනු ඇති” ඔහු අනතුරු අඟවා තිබුණේ එසේය.

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...

ග්‍රීන් කාඩ් ඉවරයි..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි...