ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ සේවා නවීකරණය කිරීම ඇතුළු අංශ කිහිපයක් වෙනුවෙන් ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 50ක ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දී තිබෙනවා.

ලෝක බැංකු සමූහය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ රජයේ සේවාවන් නවීකරණයකිරීමත්, එම සේවාවන් වඩාත් කාර්යක්ෂමව මහජනතාවට සමීප කරවීමේ අරමුණෙන් අනුමත කර ඇති බවයි.

ඒ අනුව මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් අංශය ප්‍රවර්ධනය කිරීම ජනතාවගේ සහ ව්‍යාපාරවල අවශ්‍යතාවලට පිටුවහලක් වනු ඇති බව එහි සඳහන්.

ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය රජයේ සේවාවන් සඳහා ඒකාබද්ධ මාර්ගගත පුරවැසි සේවා ද්වාරයක්, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සඳහා රජයේ ආයතන හරහා දත්ත බෙදාගැනීම සඳහා ආරක්ෂිත පද්ධතියක්, ඩිජිටල් ලේඛන ගබඩාකිරීම සඳහා ඩිජිටල් කවුළුවක් සහ ඉල්ලුම වැඩිවන විට පරිමාණය කළ හැකි වේදිකාවක් ඇතුළු කේන්ද්‍රීය ඩිජිටල් විසඳුම් සඳහා සහාය වනු ඇති බවද ලෝක බැංකු සමූහය නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙනවා.

Latest News

More like this

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...

ග්‍රීන් කාඩ් ඉවරයි..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි...