ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු කළ ඉන්දීය බාල ඖෂධ ගෙන්වීම ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් නීතිගත කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කරමින් පවසා ඇත්තේ ඉන්දීය ෆාමකෝපියා ගිවිසුමට අනුව ඉන්දියාවෙන් ගෙන්වන ප්‍රමිතියෙන් තොර ඖෂධ නීතිගත කර ඇති බවයි.

එබැවින් පෙර ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාට ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම නිසා දඬුවම් කළ හැකි වුවත් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට එසෙව් දඬුවම් කිරීමේ හැකියාව අඩු බව ඔහු පෙන්වා දී තිබෙනවා.

“ඒ අත්සන් කිරීම නිසා නෙවෙයිද ඉන්දීය ප්‍රමිතියක් නැති ඖෂධ ගෙන්වීම ආයතනගත වුණේ? ඒ නිසා නෙවෙයිද ඒවා නීත්‍යානුකූලගත වුණේ. ඒ නිසා නෙවෙයිද බල්තසාර්ගේ නංගි බැඳපු මහත්තයාලගේ සමාගම්, ජයසිංහලගේ පිටිපස්සෙ ඉන්න සමාගම් ඉන්දීය අපද්‍රව්‍ය සහිත බෙහෙත් ගෙනැල්ලා කෝටි ගණන් ලාබ උපයන්නේ? ඒ නිසා නෙවෙයිද මන්නාරම පැත්තෙන් නීත්‍යානුකූල නොවන මාර්ගයෙන් අපද්‍රව්‍ය සහිත ඖෂධ ලංකාවට එන්නෙ? ඒ දොර ඇරියේ කවුද? අද්භූත බලවේගයක්ද?

ඒ ඇරියේ නල්ල මලේ අනුර කුමාරගේ ආණ්ඩුව. කටින් බතල ආණ්ඩුව ඉන්දියාවේ ෆාමකෝපියා එක පිළිගත්තා. වරද ආයතනික ගත කළා. මිනීමැරුම ආයතනික ගත කළා. හිතක් පපුවක් නැති මුරුග ආණ්ඩුවක්.

එදා මේ ෆාමකෝපියා එක අත්සන් කරලා තිබ්බ නම් කෙහෙළිය ගොඩ.වරද ආයතන ගත කරලානේ දැන් තියෙන්නෙ. ප්‍රමිතිය බාල ගත කර නිසානේ එදා නඩු වැටුණේ. දැන් ප්‍රමිතිය බාල ගත වීම නීතිගත කරලානේ. ඒක නිසා ”ඇහින්ද” ජයතිස්ස දන්නවා එයාට මිනීමැරුම්වලට නඩු වැටෙන්නෙ නෑකියලා.”

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...

ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම හේතුවෙන් වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම්…

ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රුක්ෂාන්...