විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික තමන්ට සිද්ධ වුණ අසාධාරණයක් වෙනුවෙන් කරපු හඬ නැඟීමක් විතරක් වෙන්නෙ නැහැ.

නිදහස් අධ්‍යාපනය කියන මහා ආශිර්වාදය සහිත පාසල් පද්ධතිය ඇතුළෙ හැංගිලා ඉන්න පෙරේත, භූත, පිසාච ආත්ම ගැන බරපතල අනාවරණයක් ඒ තුළ අඩංගු විය.

ඇය හෙළිකළේ රටේ බහුතරයක් පාසල්වල අඳුරු පැතිකඩයි.

2023 හා 2024 වර්ණ ප්‍රදානෝත්සවයේ උදෑසන රිහසල් එකට නොපැමිණි නිසා එම වසරට අදාළ දක්ෂතම වර්ණ පෙන්වූ සිසුවිය වූ ඇයට හිමි නිසි ඇගයීම අහිමි කිරීමට සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ක්ෂණිකව තීරණය කර තිබිණි.

මෙරට පාසල් පද්ධතියේ වැඩිම කොටසක් ක්‍රියාත්මක වන්නේ එම විදුහල්පතිනියගේ මොළය ආකාරයටම ක්ෂණිකව ක්‍රියාත්මක වන මොළවල් ගොඩකිනි. එම මොළවල්වල ක්‍රියාකාරිත්වය අනුව දරුවන්ට නිදහස් අධ්‍යාපනයේ අග්‍ර ඵලයන් දිනපතා අහිමි වී යන බව කිසිම කෙනෙක් ඉදිරියට ඇවිත් කතා නොකරන ඇත්තයි.

එම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගේ මොළවලට පින්සිද්ධ වෙන්න දවස් ගාණේ මේ රටේ දරුවන් දහස් ගණනකගේ දක්ෂතා කිසිවකු විසින් නොදැකම පරවී යන බව ඇත්තකි.

විශේෂයෙන් බාලිකා පාසල්වල දැරියන් ගොඩ නැගෙන්නේම එවැනි ආතතිය සහිත දැඩි පාලනයන් තුළ පීඩාවට පත් වෙමිනි. චනිත්මා පෝඩියම් එකේ හඬ නඟන විට ඇයට පිටුපසින් පැමිණි මැඩම්වරියක් ඇගේ කණට කොඳුරමින් වාචිකව ඇය පාලනය කිරීමට උත්සාහ කරන ආකාරය අදාළ වීඩියෝවේ සටහන් විය. සුදු සාරිය ඇඳගෙන සිටින විදුහල්පතිනිය යැයි සැලකිය හැකි කාන්තාව එම කතාව අවසන් වනතුරුවත් සන්සුන්ව සිටිය නොහැකිව ඒ මේ අතදුවා දැරියගේ හඬ, මයික් එක ඕෆ් කර නිහඬකරන ලදී.

‘අපි උගන්නපු දේ විතරක් කියපල්ලා.. ඊට එපිටින් වචනයක් හෝ කතා කිරීමට උඹලාට බැහැ’ කියන තර්ජනය හමුවේවත් චනිත්මා නිහඬ නොවීම ඇත්‍තටම ආඩම්බරයකි.

චනිත්මා දුව සිරිමාවෝ විදුහල්පතිනියගේ මොළය හරහා කණට පහරක් ගැසුවේ මේ රටේ සෑම දරුවෙක් වෙනුවෙන්මය.

තවදුරටත් පාසල් ඇතුළේ ක්‍රියාත්මක වන විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ ඒකාධිපති පාලනයන් හමුවේ දරුවන් නිහඬ විය යුතු නැත.

හඬ නිහඬ කළ පසුව චෙනිත්මාගේ දුවට සිරිමාවෝ විද්‍යාලයේ ඕඩියන්ස් එකෙන් ආව චියර් එක අත්පොළසන් නාදය අපට කියා දෙන වැදගත් පාඩමක් ඇත.

එක දරුවෙකුට හෝ ආසාධාරණයක් වෙනවා නම් රටක් ඒ දරුවා වෙනුවෙන් සිටගනු ඇත යන්නයි.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...