හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම සඳුදා (22) නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි වාර්තා වෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක පැවති තම බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රුපියල් මිලියන 16.6 ක රාජ්‍ය අරමුදල් අවභාවිත කළ බවට එල්ල වුණා.
මේ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා එක්සත් රාජධානියට පිටත්ව ගොස් ආපසු පැමිණි කණ්ඩායම සමඟ නඩුවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ අවශ්‍ය උපදෙස් ලබාදීම මෙම හමුවේ අරමුණ බවයි වාර්තා වන්නේ.
එහිදී නඩුවේ පවතින සාක්ෂි කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය.
CID අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙම රැස්වීම සම්බන්ධීකරණය කර ඇති අතර, පොලිස් නිලධාරීන් වන එස්. වෙදමුල්ල සහ නනින්ද හේරත් යන පිරිස ඊට සහභාගී වන බව වාර්තා වෙනවා.
ඔවුන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමාදාරි පියසේන හමුවීමට ද නියමිතය.
