පසුගිය සති දෙකක කාලය තුළ වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකි වීම තුළ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වැඩ ඇණහිට ඇති බවට වාර්තා පළ වෙමින් පවතී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විගණකාධිපති ධුරයට සිව්වැනි වතාවටත් නිර්දේශ කර යැවූ නමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබීම නිසා මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා.
පුරප්පාඩු වූ විගණකාධිපති ධුරය සඳහා ස්ථිර හෝ වැඩබලන විගනකාධිපතිවරයා ලෙස සේවය කිරීමට ජනාධිපතිවරයා මාස අටක් තුළ නම් හතරක් යෝජනා කර තිබෙනවා
මෙවර ජනාධිපතිවරයා නිර්දේශ කර යවා ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවේ සේවය කරන ඕ.ආර්. රාජසිංහ නම් නිලධාරියකුය.
ඔහු යුධ හමුදාවේ විගණන අංශයේ සාමාජිකයකු බවයි සඳහන් වන්නේ. පසුගිය බදාදා පැවති රැස්වීමේ දී රාජසිංහ මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා කර යවා තිබුණා.
පාර්ලිමේන්තු කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමේදී නිර්දේශිත නාමයට පක්ෂව ඡන්ද හතරක් සහ විපක්ෂව ඡන්ද පහක් ලැබුණු බව වාර්තා වුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා සමඟ සිවිල් සමාජ සාමාජිකයන් තිදෙනාම නාම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, සභා නායක් බිමල් රත්නායක හා මන්ත්‍රීවරුන් වන එම්. අතම්බාව එස්. ශ්‍රී ධරන් යන අය පක්ෂව ඡන්දය භාවිත කළ බව වැඩිදුරටත් සඳහන්ය.
විගණකාධිපති ඩබ්.පී.සී වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ජනාධිපතිවරයා මුලින්ම ඔහු වෙනුවට ඛනිජ තෙල් සංස්ථාවේ විගණන නිලධාරියකු වූ එච්.ටී.පී චන්දන මහතාගේ නම යෝජනා කර තිබුණා. එම නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේදී ප්‍රප්‍රතික්ෂේප වීම නිසා ජාතික විගණක කාර්යාලයේ ඊළඟ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ ධර්මපාල ගම්මන්පිල මහතා වැඩ බලන විගණකාධිපති ධුරයට පත් කිරීමට හේතුවුණා. එහෙත් ගම්මන්පිල මහතාගේ ධුරකාලය දීර්ඝ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.පී ජයරත්න මහත්මියගේ නම වැඩ බලන විගණකාධිපති ධුරයට යෝජනා කරනු ලැබුවේ ඉන්පසුවයි. එහෙත් ඇයගේ නමත් ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
