සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ උළෙලකදී පුළුල් මහජන විවාදයක් ඇති කළ සිදුවීමට අදාළව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එම පාසලේ විදුහල්පතිවරියගෙන් සවිස්තර වාර්තාවක් කැඳවා තිබෙනවා.
අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ අමාත්‍යාංශය තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර වාර්තාව සමාලෝචනය කිරීමෙන් පසු සුදුසු උපදෙස් සහ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි.
පෙරහුරුවලට නොපැමිණීම හේතුවෙන් උත්සවය අතරතුර තමාට සම්මානයක් ප්‍රතික්ෂේප කළ බව සිසුවියක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම මතභේදයකට හේතු වුණා.
එහිදී එම දැරිය කතා කරන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වුණේ හොඳ සහ නරක ප්‍රතිචාර දෙකම ලබා දෙමිනි.
මෙම සිදුවීමට අදාළව පාසලේ ආදි ශිෂ්‍ය සංගමය ඇතුළු විවිධ පාර්ශවකරුවන්ගෙන් ප්‍රතිචාර ලැබුණු අතර ඔවුන් එයට සාධරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි යෝජනා කර තිබුණේ.
