ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම නතර කරන්න.. ලොව ඉහළම ආර්ථික විද්‍යාඥයින් 120ක් බල කරයි

නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින් 120 දෙනෙක්, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වුණු දැඩි විනාශයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අත්හිටුවන ලෙස ඉල්ලා ඇති බව The Guardian වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ව්‍යසනයෙන් පසු නැවත ශ්‍රී ලංකාව ගොඩනැගීම සහ ජනතා ජීවනෝපායන් සුරැකීම සඳහා අවශ්‍ය මූල්‍ය ඉඩකඩ ලබාදීමට, ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අත්හිටුවා නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ යුතු බවයි එම ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ.

2022 දී රජය ණය ගෙවීම් පැහැර හැරීමෙන් පසු ණයහිමියන් සමඟ දීර්ඝ සාකච්ඡාවලින් පසුව, පසුගිය වසරේ දී ඩොලර් බිලියන 9 ක ජාතික ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කෙරුණා.

සුළි කුණාටුවට පෙර, වාර්ෂික ආපසු ගෙවීම් රජයේ ආදායමෙන් 25% ක් වනු ඇති බවයි අපේක්ෂා කෙරුණේ.

එසේ නමුත් පාරිසරික විනාශයේ පරිමාණය සැලකිල්ලට ගෙන ණය ආපසු ගෙවීම් කළමනාකරණය කළ හැකි මට්ටමකට යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා ගෝලීය විශේෂඥයින් කණ්ඩායම ඉල්ලීම සිදු කර ඇති බව වාර්තාවේ දැක්වෙනවා.

Latest News

More like this

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...

රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development...

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...