ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම කුමාර සුබසිංහ මහතාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය තිබෙනවා.

සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයක් මත ඇඹිලිපිටිය කොට්ඨාශ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අද (22) දහවල් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

පොලිසිය මීට පෙර ප්‍රකාශ කරනු ලැබුවේ මන්ත්‍රී ශාන්ත පත්ම කුමාර සුබසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් පහර දුන් බව කියන පොලිස් නිලධාරියාගෙන් ලබාගත් රුධිර සාම්පලයක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යවන බවයි. දෙසැම්බර් 20 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් පොලිස් නිලධාරියෙකුට පහර දුන් බව කියන වාර්තා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය අංශය විසින් සවිස්තර ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.

එම ප්‍රකාශයට අනුව දෙසැම්බර් 20 වන දින රාත්‍රී 8:40 ට පමණ තම සේවා මුරය අවසන් කර නිවසට යමින් සිටි සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු 119 හදිසි දුරකථන අංකය හරහා කොළොන්න පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. කළුගල පන්සල අසලදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ ඔහු සමඟ පැමිණි පිරිසක් විසින් පොලිස් නිලධාරියාට පහර දී ඔහුගේ යතුරුපැදිය බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බවයි එයින් සඳහන් වුණේ.

එදිනම රාත්‍රී 10:10 ට පමණ ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම කුමාර සුබසිංහ මහතා ද කොළොන්න පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා. කළුගල සිට හල්වින්න දෙසට කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු තම යතුරුපැදිය මාර්ගය හරහා තබා මාර්ගය අවහිර කර, කැබ් රථය නවතා ඔහුට පහර දීමට උත්සාහ කළ බව මන්ත්‍රීවරයා චෝදනා කර තිබුණා.

ඊට අමතරව පොලිසිය ප්‍රකාශ කර සිටියේ පොලිස් කොස්තාපල්වරයාගේ යතුරුපැදිය කළුගල පන්සල අසල මාර්ගයේ තිබී සොයා ගත් බවත් කොළොන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත්ය. පොලිස් නිලධාරියා මුලින්ම කොළොන්න රෝහලට ඇතුළත් කර පසුව ඇඹිලිපිටිය රෝහලට මාරු කර යවා ඇති බවද සඳහන් වුණා.

පොලිස් ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වූයේ රෝහල් සායනික වාර්තාවල මත්පැන් දුගඳක් ඇති බව වෛද්‍ය වාර්තාවට අනුව සඳහන් වන බවයි. මේ අතර, නිලධාරියාගේ මුත්‍රා සාම්පලවල කිසිදු මත්ද්‍රව්‍යයක් අනාවරණය නොවූ බැවින් රුධිර සාම්පල ලබාගෙන මත්පැන් පානය කර ඇත්දැයි තීරණය කිරීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කිරීමට කටයුතු කරමින් පවතින බව ද එම නිවේදනයේ දැක්වුණා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...

නාකොටික් එකේ ඉතාම රහසිගත තොරතුරු පද්ධතියකට ජාවාරම්කරුවන් ඇතුළු වෙලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහා පරිමාණ...