ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය යටතේ 5% හෝ ඊට අඩු මට්ටමක පොලී අනුපාත යටතේ රුපියල් මිලියන 25 ක් දක්වා ණය ලබා ගැනීමට හදිසි ආපදා තත්ත්වයට ලක් වූ ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබා දෙන බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා.

ගංව­තු­රෙන් හානිවූ සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපා­ර­වල ක්ෂණික මූල්‍ය අර්බු­ද­යට විස­ඳුම් ලබා­දීම සම්බ­න්ධ­යෙන් මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් ඔහු ඊයේ (21) මේ බව සඳහන් කරනු ලැබුවා.

ව්‍යව­සා­ය­ක­යන්ට 3% පොලි­යට රුපි­යල් මිලි­යන එකක උප­රි­ම­ය­කට යටත්ව ණයක් ලංකා බැංකුව, මහ­ජන බැංකුව හා RDB බැංකුව හරහා අය­දුම් කළ හැකිය.

ඒ සඳහා අවශ්‍ය ග්‍රාම නිල­ධාරි හා ප්‍රාදේ­ශීය ලේක­ම්ව­ර­යාගේ අනු­මැ­තිය පම­ණක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

“මේ සඳහා කර්මාන්ත අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන් ව්‍යව­සා­ය­ක­යන්ට සහාය වේවි. මේ බැංකු සමඟ ගනු­දෙනු කර නැත්නම් ව්‍යව­සා­ය­කයන්ට තමන්ගේ බැංකුවේ නිර්දේ­ශ­යක් සමඟ මෙම ණය අය­දුම් කළ හැකියි. මේ දක්වා ගෙව­මින් තිබූ ඕනෑම ණයක් මාස තුනක හෝ හයක ණය නොගෙවා සිටීමේ කාල­යක් ව්‍යව­සා­ය­ක­යන්ට ඕනෑම බැංකු­ව­කින් ලබා­ගත හැකියි. මේ සඳහා ව්‍යව­සා­ය­ක­යන් අය­දුම් කළ යුතු අතර, කිසිදු අම­තර ගාස්තු හෝ 2021 මෙන් අම­තර පොලී අය කිරී­මක් වෙන්නෙ නැහැ.” අමාත්‍යවරයා පවසා තිබෙනවා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...

නාකොටික් එකේ ඉතාම රහසිගත තොරතුරු පද්ධතියකට ජාවාරම්කරුවන් ඇතුළු වෙලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහා පරිමාණ...