ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග විභාගයක් විවෘත ගුවන් පථයක පවත්වා තිබෙනවා.
සාම්බල්පූර් දිස්ත්‍රික්කයේ ජමදර්පාලි ගුවන් පථයේ පැවැත්වුණු විභාගයට 8000ත් 9000ත් අතර අපේක්ෂකයින් සහභාගී වී සිටි අතර ඔවුන් ගුවන් පථයේ කිසිදු ආසනයක් මේසයක් අඩුම පැදුරක් හෝ නොමැතිව එම විභාගයට පෙනී සිටින ආකාරය දැක්වෙන ඩ්‍රෝන දර්ශන කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.
ස්ථානය අධීක්ෂණය කිරීමට සහ ක්‍රියාවලිය අතරතුර විනය පවත්වා ගැනීමට එම ස්ථානයට ඩ්‍රෝන යන්ත්‍ර යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.
ග්‍රාමාරක්ෂක තනතුර සඳහා අවශ්‍ය අවම සුදුසුකම 5 ශ්‍රේණියේ සමත් වීම වුවද බොහෝ අපේක්ෂකයින් ඊට වඩා බොහෝ ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලබා තිබූ අය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.
ඔවුන් අතර උපාධිධාරීන්, ඉංජිනේරුවන්, MBA උපාධිධාරීන්, MCA උපාධිධාරීන්, ITI පුහුණුව ලත් අපේක්ෂකයින් සහ පරිගණක විද්‍යා උපාධි ඇති පුද්ගලයින් සිටි අතර දිස්ත්‍රික්කයේ පවතින රැකියා ඌනතාවය පෙන්නුම් කරන බව වාර්තාවල සඳහන් වෙනවා. සාම්බල්පූර් දිස්ත්‍රික්කය පුරා අපේක්ෂකයින් 8,000 කට වැඩි පිරිසක් පෙනී සිටි මෙම තනතුරේ පුරප්පාඩු පවතින්නේ 187ක් බව ද මාධ්‍ය වාර්තා පවසනවා.
විභාගයක් ලිවීමට අපේක්ෂකයින් ගුවන් පථයක වාඩි වී සිටින දර්ශනය මේ වන විට විවාද සම්පන්න වී තිබෙනවා.
