තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025 හිදී වසරේ මංගල අධ්‍යක්ෂවරයා ලෙස නම් කරනු ලැබුවේ ආර්යන් ඛාන්ය.

ඔහුට මෙම සම්මානය හිමි වුණේ ඔහුගේ මංගල අධ්‍යක්ෂණය වන Netflix ඔස්සේ විකාශය වූ The Ba***ds of Bollywood කතා මාලාව වෙනුවෙනි.

“මෙය මගේ පළමු සම්මානය. මම තවත් දිනන්න බලාපොරොත්තු වෙනවා. මගේ තාත්තා වගේම මමත් සම්මාන වලට ගොඩක් කැමතියි. ඒත් මේ සම්මානය එයාට නෙවෙයි, මගේ අම්මට.” ඔහු සම්මානය ලබා ගනිමින් කළ කතාවේදී එසේ පවසා තිබුණා.

ඔහු එම කතාව අතරතුර සඳහන් කළේ සිය මව විසින් නිතර ලබා දෙන උපදෙස් තුනක් පවතින බවයි. එමෙන්ම සම්මානය නිසා අද ඇයගෙන් බැණුම් අහන්න වෙන්නේ අඩුවෙන් බවත් ඔහු පවසා තිබුණා.

ආර්යයන් කියූ පරිදි ඔහුගේ මව වන ගෞරු ඛාන් ඇයට දෙන උපදෙස් තුන මෙසේය.

1. ඉක්මණට නිදාගන්න
2. මිනිස්සුන්ට විහිළු කරන්න එපා
3. අනිසි ලෙස පාවිච්චි කරන්න එපා..

පළමු සම්මානය තමාට ගෞරවයක් බව ඔහු ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ද සටහනක් තබමින් පවසා තිබෙනවා.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...