ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය ඊයේ (22) පරාජයට පත්වුණා.
ඊයේ පස්වරුවේ පැවති ඡන්ද විමසීමේදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණයි.
සමගි ජන බලවේගය සමඟ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් 4ක මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණා.
සර්වජන බලය මන්ත්‍රීවරු දෙපොළගේ ඡන්දය මෙහිදී තීරණාත්මක සාධකය වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 3කින් ජාතික ජන බලවේගය අයවැය පරාද වුණා.
මෙම වසරේ ජුනි මාසයේදී රහස් ඡන්දයකින් පසුව ජාතික ජනතා බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස තේරී පත් වුණා
ඒ ඡන්ද 61 ක් ලබා ගනිමිනි.එහිදී සමගි ජන බලවේගය නියෝජනය කළ රීසා සාරුක් ලබාගත්තේ ඡන්ද 54කි.
ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බහුතර බලය ගැනීමට සභික ධුර 11ක් අඩුව තිබුණද නගරාධිපතිවරයා පත් කරගැනීමේ ඡන්දයේ දී ජාතික ජන බලවේගය සභික ධුර 13ක් වැඩියෙන් ලබා ගැනීම සමත්වීම කැපී පෙනෙන සිදු වීමක් වුණා.
