පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්?
කොළඹ මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මංගල අය වැය පරාජය වීම ජාතික ජන බලවේගයේ පරාජයක් නොව සභාවේ මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂියේ පරාජයක් බව නගරාධිපතිපතිනි ව්‍රායි කැලී බල්තසාර් පවසා තිබෙනවා.
ජාතික ජන බලවේගය පසුගිය මාස හයක කාල සීමාව තුළ කොළඹ මහ නගර සභාව වෙනුවෙන් සිදු කළ සියලුම කටයුතු සර්ව සාධාරණත්වයෙන් යුතුව සිදු කළ බවත් පරාජය කර ඇත්තේ එම වැඩපිළිවෙළ බවයි ඇය පවසන්නේ.
කොළඹ පුරපතිනිය මේ බව සඳහන් කළේ ඊයේ (22) 2026 වසරට අදාළ මංගල අයවැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත් වීමත් සමඟයි.
මේ අතර පළාත් පාලන ආඥා පනතට අනුව, දින 14ක් ඇතුළත නව අයවැයක් ඉදිරිපත් කිරීමේ හැකියාව කොළඹ මහ නගර සභා පරිපාලනයට ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
පළාත් පාලන ආඥා පනත යටතේ නව අයවැයක් ගෙන ඒමට පරිපාලනයට අවසර ඇති අතර නීතියෙන් සපයා ඇති පරිදි තුන්වන අයවැයක් අනුමත කිරීමට පළාත් පාලන ආයතන භාර අමාත්‍යවරයාට ද බලය ඇති බවයි සඳහන් වන්නේ.
