මස්ක්ගේ ස්ටාර්ලින්ක් පද්ධතිය විනාශ කරන්න පුටින් භයානක මිසයිලයක් හදයි..

යුක්‍රේන යුධ අපේක්ෂා සුණු විසිණු කිරීමේ අරමුණින් රුසියාව ඊලොන් මස්ක්ගේ ‘ස්ටාර්ලින්ක්’ ඉලක්ක කර ගනිමින් “Cloud Sharpnel” නමින් හැඳින්වෙන නව භයානක අවියක් නිෂ්පාදනය කරමින් සිටින බව ලොව ඉහළ පෙළේ රහස් ඔත්තු සේවා දෙකක් අනාවරණය කර තිබෙනවා.

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාවන්ට පහර දීම සඳහා රුසියාව නව චන්ද්‍රිකා විරෝධී අවියක් ගොඩනඟමින් සිටින බව මෙසේ වාර්තා කර ඇත්තේ නේටෝ බුද්ධි අංශ දෙකක් මඟින්.

මේ වන විට රුසියාවට හිසරදයක් වී ඇති අධිවේගී ස්ටාර්ලින්ක් අන්තර්ජාල පිවිසුම් පද්ධතිය විනාශ කිරීම නව මිසයිලයේ අරමුණ බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

යුක්‍රේන හමුදා යුධ පිටියේ සන්නිවේදනය සඳහා ප්‍රබල ලෙස විශ්වාසය තබා ඇත්තේ ස්ටාර්ලින්ක් හි අධිවේගී අන්තර්ජාල සේවාව මතයි.

ස්ටාර්ලින්ක් හි කක්ෂ ග්‍රහලෝකයට කිලෝමීටර් 550 ක් පමණ ඉහළින් පිහිටා තිබුණද, චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පහළ කක්ෂවල ක්‍රියාත්මක වෙනවා. රුසියාව එවැනි ආයුධයක් යෙදවුවහොත් එය චීනයේ චන්ද්‍රිකා සමූහයට අමතරව රුසියාවට ඔවුන්ගේම චන්ද්‍රිකා පද්ධතියට ද හානි සිදුවීමේ ඉඩක් පවතී.

Latest News

error: Content is protected !!