විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක් දිගින් දිගටම ප්‍රතික්ෂේප වීම මේ වන විට මතභේදයට තුඩුදී ඇති කාරණාවකි.
ඒ සඳහා සුදුසුකම්ලත් නිලධාරීන්ගේ නම් ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම රජයේ වැඩපිළිවෙළ අඩාල කිරීමක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා තිබෙනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ජනාධිපතිවරයා විසින් මේ දක්වා සුදුසුකම් සහිත පුද්ගලයන් කිහිපදෙනෙකුගේම නම් යෝජනා කර ඇති බව එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
එහෙත් ව්‍යවස්ථාදායක සභාව එම නම් එකින් එක ප්‍රතික්ෂේප කිරීම හරහා එම ක්ෂේත්‍රයේ බිඳවැටීමක් සහ අවිශ්වාසයක් ගොඩනැගෙන බව ඔහු පෙන්වා දුන්නා.
“මේක සෙල්ලමක් නෙවෙයි. ව්‍යවස්ථාදායක සභාවේ ඇතැම් සාමාජිකයන් ජනතා ඡන්දයෙන් පත් නොවූ අය වුවත්, රට ඉදිරියට ගෙන යාමේ යාන්ත්‍රණයට උදව් කිරීමේ විශාල වගකීමක් ඔවුන්ට තිබෙනවා. තමන්ට ලැබී ඇති වරප්‍රසාද පාවිච්චි කරලා රාජ්‍ය යාන්ත්‍රණය ‘බ්ලොක්’ කිරීම මේ වෙලාවේ සුදුසු නැහැ,”
මෙහිදී මාධ්‍යවේදීන් ඔහුගෙන් වැඩිදුරටත් විමසා සිටියේ දැනට වැඩබලන විගණකාධිපතිවරයා සියලු සුදුසුකම් සපුරා තිබියදී ඔහුගේ නම යෝජනා නොකරන්නේ ඇයිද යන්නයි.
විගණකාධිපති ධුරය සඳහා විගණන දෙපාර්තමේන්තුව තුළ මෙන්ම ඉන් පිටත ද සුදුසුකම්ලත් පිරිස් සිටින බවත්, එය මීට පෙරද මෙරට සිදු වූ සාමාන්‍ය දෙයක් බව එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ජනාධිපතිවරයා නමක් යෝජනා කරන්නේ ඔහු සතු තොරතුරු සහ අත්දැකීම් මත සුදුසුම පුද්ගලයා තෝරාගෙන ඇති බැවිනි. තමන් කැමති කෙනා එනතුරු අනෙක් අය වැළැක්වීම බලය අවභාවිත කිරීමක් බවයි ඔහු කියා සිටියේ.
