සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා
කොළඹ මහ නගර සභාවවේ ජාතික ජන බලවේගයේ මංගල අයවැය පරාජය වීමේ පසුබෑම මධ්‍යයේ අයවැය දෙවන වර කියවීමකට යන බවත් අවශ්‍ය නම් සංශෝධන තවමත් යෝජනා කළ හැකි බවත් නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් පවසා තිබෙනවා.
එම පසුබෑම හමුවේ පවා ජනවරම නොවෙනස්ව පවතින බවයි ඇය අවධාරණය කර ඇත්තේ.
එබැවින් සැලසුම් කළ සංවර්ධන ව්‍යාපෘති සහ නාගරික සේවාවන් බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට ඉඩ සලසන බවත්, අයවැය සති දෙකක් ඇතුළත බලාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඇය පවසා තිබෙනවා.
විශේෂයෙන් විපක්ෂ සාමාජිකයින් සමඟ සාකච්ඡා ඇතුළත් පුළුල් උපදේශන සහ සහභාගීත්ව ක්‍රියාවලියක් හරහා අයවැය සකස් කරන ලද බව ද ඇය පවසා තිබෙනවා.
කෙසේ වෙතත්, පළමු කියවීම සම්මත කිරීම සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට එම යෝජනා හරහා හැකියාව ලැබුණේ නැහැ. පරාජයෙන් අයවැයේ සාරය ප්‍රතික්ෂේප කිරීමක් පිළිබිඹු නොවන බවයි ඇය පෙන්වා දෙන්නේ.
පවතින නීතිය යටතේ, නගර සභාවේ අයවැයක් පරාජයට පත් වුවද, නගරාධිපතිවරයෙකුට වසර දෙකක් දක්වා ධුරයේ රැඳී සිටීමට අවසර ලබා දී තිබෙනවා.
