දිට්වා ලක්ෂ හතරකට රස්සා නැති කරයි.. ඉදිරියේ ළමා ශ්‍රමිකයන් වැඩි වේවි.. ලෝක කම්කරු සංවිධානයෙන් ලංකාව ගැන භයානක අනාවැකියක්

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරට ශ්‍රමිකයන් 3,74,000කට අධික ප්‍රමාණයකගේ රැකියා අහිමි වී ඇති බව ලෝක කම්කරු සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.

ඔවුන්ට නැවතත් රැකියා ආරම්භ කිරීම හෝ වෙනත් ස්ථානයක රැකියා සොයා ගැනීම අසීරු වී ඇති හෙයින් එම පිරිසට මසකට අහිමිවන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 48ක් (රු කෝටි 1480ක්) පමණ බව එම වාර්තාවේ සඳහන්.

එලෙස රැකියා අවදානමට ලක් වී ඇති ශ්‍රමිකයන් අතරින් 2,44,000ක් පිරිමින් වන අතර 1,30,000ක් කාන්තාවන් වන බවයි වාර්තාව පවසන්නේ. රැකියා අවදානමට ලක්ව ඇති පිරිසගෙන් 85,000ක් කෘෂි කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නිතර වූවන් වෙනවා. තවත් 1,25,000 ක් කර්මාන්ත ආශ්‍රිත රැකියාවල නිරත වූවන් බව සඳහන්. එසේම තවත් 1,64,000ක් සේවා ආශ්‍රිත රැකියාවල නියුක්ත වූවන්ය.

මෙම ජීවනෝපායන් අහිමිවීම් එම ආදායම් උත්පාදනය කරන පුද්ගලයින්ගේ පවුල්වලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මෙම තත්ත්වය හේතුවෙන් ඔවුන් තම දරුවන් පවා රැකියාවල්ට යොමු කිරීමේ ඉඩක් පවතින බව ද ලෝක කම්කරු සංවිධානය නිකුත් කළ වාර්තාව පෙන්වා දෙනවා.

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...