කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
කොළඹ මහනගර සභාවේ පළමුවරට අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් ඉදිරි අයවැයේ දී පක්ෂව ඡන්දය ප්‍රකාශ කර කොළඹ නගරය ගොඩ නැඟීමට සහයෝග්ය දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු කියා සිටියා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
“කොළඹ ඇතුළු බොහෝ පළාත් පාලන ආයතනවල මාළිමාව අයවැය ජයග්‍රහණය කලත් පරාජය වුවත් ඡන්දය දෙන නොදෙන එක ඒ මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය සම්බන්ධ ගැටලුවක්. පවතින අයවැය නීතිය අනුව අයවැයක් පරාජය වුවත් අවුරුදු දෙකක් ඒ සභාව පවත්වාගෙන යන්න පුළුවන්. මේක තමයි සාමාන්‍ය නීතිය. වෙනස් නීතියක් කොළඹට නැහැ. ඊළඟට පැවැත්වෙන අයවැය ජයග්‍රහණය කරන්න ඔය විපක්ෂයේ මන්ත්‍රීවරු උදව් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද කොළඹ නගර සභාවේ කටයුතු පවත්වාගෙන යන ඒක ඉවහල් වේවි. කොළඹ නගරයේ පැවති එක අයවැයකින් මුළු රටම වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. මේ අයවැයට විරුද්ධව ඡන්දය දීපු අය ඊළඟ අයවැයට පක්ෂව ඡන්දය දෙන්න පුළුවන්. තව ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු.” යැයි ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.
