හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය දෙවැනි වරට සම්මත කර ගැනීම ඊයේ (23) දිනයේ සිදු වූ අතර එම සම්මත කර ගැනීම සිදු කරගත් ආකාරය මේ වන විට ආන්දෝලනාත්මක වී තිබෙනවා.

ඒ අනුව හොරණ නගර සභාවේ අයවැය සම්මත කරගෙන තිබුණේ කාල තරණය කරමිනි.

සභාව ආරම්භ කිරීමට විනාඩි පහකට පෙර (9.55) සංශෝධිත අයවැය සභාවට ඉදිරිපත් කර එම සම්මත කර ගැනීම සිදු කරගත් බවයි වාර්තා වුණේ.

ඊයේ හොරණ නගර සභා රැස්වීම ආරම්භ වී තිබුණේ නගර සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරිගේ ප්‍රධානත්වයෙනි.

එය නියමිත පරිදි ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පෙරවරු 10ටය. එහෙත් ඊට විනාඩි පහකට පෙර සභාව ආරම්භ කරන අවස්ථාවේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරු හයදෙනා පමනක් සභාවේ සිටිය දී සභාව ආරම්භ කර විනාඩි පහක් තුළ අයවැය සම්මත කර ගැනීමට පාලක පක්ෂය කටයුතු කර ඇති බවයි එහිදී සඳහන් වුණේ. විපක්ෂ මන්ත්‍රීවරුන් හත්දෙනා සභාවට පැමිණෙන විට අයවැය සම්මත කරගෙනද අවසන් බව විපක්ෂය සඳහන් කළා. පසුව ඔවුන් හොරණ මූලාස්ථන පොලිසියට ඊයේ පැමිණිල්ලක්ද සිදු කරනු ලැබුවා.

හොරණ නගර සභාවේ විපක්ෂ නායක ග්‍රැන්විල් රාජපක්ෂ සිදුවීම පිළිබඳ මෙසේ අදහස් දක්වා තිබෙනවා.

“අපි නියමිත වෙලාවට රැස්වීම් ශාලාවට ආවා. සභික රැස්වීම් ශාලාවේ ඔරලෝසුවේ විනාඩි පහකින් වෙලාව වෙනස් කරලා. අපි මන්ත්‍රීවරුන් හරියටම වෙලාවට ආවා. ඒ විනාඩි කිහිපය ඇතුළත පාලක පක්ෂය සංශෝධිත අයවැය ඉදිරිපත් කරලා සම්මත කරගෙන. අපි ආවසට පස්සේ අයවැය සම්මත වුණා කිව්වා. අපි අද විපක්ෂයේ මන්ත්‍රීවරුන් හත් දෙනාම සහභාගී වී සිටියදී තමයි මෙම සිදුවීම සිදු වුණේ.

හොරණ නගර සභාවේ සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරි මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් නියමිත වේලාවට සංශෝධිත කෙටුම්පත ඉදිරිපත් කළ බවත් විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් පැමිණ සිටියේ නැති බවත් පවසා තිබෙනවා. ජාතික ජන බලවේගය නියෝජනය කරන හයදෙනාම එම අවස්ථාවේ සිටි බැවින් හා සභාවේ ඝන පූර්ණය සම්පූර්ණ වී තිබීම නිසා අයවැය සම්මත කරගත් බවයි ඔහු පවසා ඇත්තේ.

Latest News

More like this

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...