මෑත කාලීන ව්‍යසනය හමුවේ, ශ්‍රී ලංකාවේ ජනතාව යළිත් වරක් වඩාත් ප්‍රායෝගික ආකාරයෙන්, දුකට පත් අසල්වැසියා අනුකම්පාවෙන් සහ නොසැලෙන අධිෂ්ඨානයෙන් වැළඳ ගැනීමේ උතුම් මානව ගුණය පෙන්නුම් කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා.
එය ක්‍රිස්තියානි ධර්මය සහ සියලු ආගම් විසින් පිළිගනු ලබන මූලධර්මයක් බව ජනපතිවරයාගේ නත්තල් දින පණිවිඩයේ සඳහන්ය.
විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා දුෂ්කර මාර්ග ඔස්සේ ගමන් කළ පුරවැසියන් තම අසල්වැසියාට ප්‍රේම කිරීම සහ සංවේදනාව සහ සහයෝගීතාවය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම ඔස්සේ නත්තල් පණිවිඩයට ජීවමාන අර්ථයක් ලබා දී ඇති බව තමා විශ්වාස කරන බවයි එහි සඳහන් වන්නේ.
ලොව පුරා සිටින කිතුනුවන් අද (25) පූජනීය නත්තල් සැමරුම සනිටුහන් කරමින් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත ඉතා භක්තියෙන් සමරනු ලබනවා.
‘මෙම වසරේ ශ්‍රී ලාංකික ජනතාව නත්තල සමරන්නේ ජාතියක් ලෙස අතිශයින් අභියෝගාත්මක ස්වාභාවික ව්‍යසනයකට මුහුණ දී එහි දුෂ්කරතා ජයගෙන නැවත නැඟිටීමට අධිෂ්ඨානයෙන් උත්සාහ කරන අතරතුර ය.
නත්තලේ සැබෑ අරුත ආදරය, සාමය, ප්‍රීතිය, බෙදාගැනීම සහ පරිත්‍යාගයයි. මෙම වටිනාකම් අතර ප්‍රමුඛස්ථානය ගන්නේ පීඩිතයින්ට සහාය වීමට කැපවීම සහ සියලු ජනතාවගේ විමුක්තිය සඳහා නොසැලෙන කැපවීමයි.
මෑත කාලීන ව්‍යසනය හමුවේ, ශ්‍රී ලංකාවේ ජනතාව නැවතත් වඩාත් ප්‍රායෝගික ආකාරයෙන්, දුකට පත් අසල්වැසියෙකු අනුකම්පාවෙන් සහ නොසැලෙන අධිෂ්ඨානයෙන් වැළඳ ගැනීමේ උතුම් මානව ගුණය පෙන්නුම් කළහ, එය ක්‍රිස්තියානි ධර්මය සහ සියලු ආගම් විසින් පිළිගනු ලබන මූලධර්මයකි. පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා දුෂ්කර මාර්ග ඔස්සේ ගමන් කළ අපගේ පුරවැසියන් තම අසල්වැසියාට ප්‍රේම කිරීම සහ සංවේදනය සහ සහයෝගීතාවය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම යන නත්තල් පණිවිඩයට ජීවමාන අර්ථයක් ලබා දී ඇති බව මම විශ්වාස කරමි.
අන්ධකාරය දුරු කිරීම සඳහා ආලෝකය පැතිරවිය යුතුය. බෙත්ලෙහෙමේ දිළිඳු ගවලෙනක ඉපදී කල්වාරි කඳු මුදුනේදී මිනිස් සමාජය පාපයෙන් මුදවා ගනු වස් කුරුසයට කැප වූ ජේසුස් වහන්සේ දැඩි අධිෂ්ඨානය, විශ්වාසය සහ ප්‍රඥාවේ මහිමයෙන් මරණය ජයගෙන උත්ථානය ලැබූ බව ක්‍රිස්තු ධර්මයේ සඳහන් වෙයි.
එබැවින්, ධෛර්යයෙන් හා එකමුතුකමින් යථාර්ථයේ වේදනාකාරී අභියෝගවලට මුහුණ දෙමින් ජාතියක් ලෙස එක්ව නැගී සිටීමට මම ඔබ සැමට ආරාධනා කරමි.”
මෙම ආශිර්වාද ලත් නත්තල අනුකම්පාව තුළින් අපගේ මනුෂ්‍යත්වය අලුත් කර, සෑම නිවසකටම සාමය, ප්‍රීතිය සහ බලාපොරොත්තුව ගෙන එනු ඇතැයි ජනාධිපතිවරයා සිය පණිවිඩයේ සටහන් කර තිබෙනවා.
