මාළිමා ආණ්ඩුව කොළඹ මහ නගර සහාවේ මංගල අයවැය පරාජයට පත් වීම මේ වන විට දේශපාලන සාකච්ඡාවල ප්‍රධාන පෙළේ පුවතකි.
කොළඹ යනු තවත් එක් නගරයක් පමණක් බවත් එය පරාජය වීමෙන් කිසිදු බලපෑමක් නැතැයි රජය වෙනුවෙන් ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළ ද කොළඹ අයවැය පරාජය වීම යනු මාළිමා ආණ්ඩුවට එසේ ලෙහෙසියෙන් බැහැර කළ හැකි සාධකයක් නොවේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ද කොළඹ බලය පිහිටුවීම ආණ්ඩුවට තීරණාත්මක වූ බව ද රහසක් නොවේ.
ඊට හේතුව වූයේ එම මැතිවරණයේදී කිසිදු පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතර බලය හිමි නොවීමයි. එහිදී කොළඹ නගර සභාවේ මන්ත්‍රී ආසන 117න් වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් වූ ආසන 48ක් ජාතික ජන බලවේගය විසින් දිනාගත් අතර ඉතිරි ආසන සමගි ජනබලවේගයට 29ක්, එක්සත් ජාතික පක්ෂයට 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 5ක්, මුස්ලිම් කොංග්‍රසයට 4ක්, සර්ව ජන බලවේගයට 2 ක් හා ඉතිරි ආසන ස්වාධීන කණ්ඩායම් කිහිපයක් අතර බෙදී ගියා.
කිසිදු දේශපාලන පක්ෂයකට 50% ක් හිමි නොවූ වාතාවරණයක නගරාධිපතිවරයා තෝරා පත් කරගැනීමට ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවූ අතර එය රහසිගත ඡන්දයක් ලෙස පැවැත්වීමට ආණ්ඩුවට සිද්ධ වුණෙ විපක්ෂයේ බලවත් විරෝධය මධ්‍යයේය.
එහිදී මාළිමා ආණ්ඩුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට කටයුතු කළ ද එය ආණ්ඩුවේ සුජාත භාවය පිළිබඳ පළමු පරීක්ෂාව බවට පත් වුණා.
බලය පිහිටුවීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බිලි බා ගැනීමට ආණ්ඩුවට සිදු වීම එම පරීක්ෂණයයි.
බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ හොඳ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ගේ සහාය ලබා ගැනීමට සිදුවන බව කියමින් ආණ්ඩුව එය සාධරණීකරණය කළත් එය ඉතිහාසයට එක් වුණේ කලු පැල්ලමක් ලෙසයි.
ඒ ආකාරයෙන් කොළඹ බලය පිහිටුවීම සඳහා පළමුවරට ජිල්මාට් උපක්‍රම භාවිත කරමින් පවා සිය ප්‍රතිපත්ති කඩ කරගත් ආණ්ඩුව දැන් කොළඹ නිකන්ම නිකන් නගරයක් යැයි කීම තරමක් විහිළු සහගතය.
මේ වන විට ආණ්ඩුව අයවැය දෙවැනිවර ජයග්‍රහණය කිරීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව වාර්තා වන්නේ එවැනි වාතාවරණයක් තුළයි. ඒ සඳහා කොළඹ බලය පිහිටුවීමේ ඩීල්වවලදී ප්‍රබල භූමිකාවක් ඉටු කළ සුනිල් වටගල ඇතුළු කිහිප දෙනෙක් ඉදිරියට පැමිණ සිටින බව දේශපාලන ක්‍රියාකාරිකයකු වන වරුණ රාජපක්ෂ පවසා තිබෙනවා.
