යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා වන ව්ලැදිමීර් පුටින්ට මරණය ප්‍රාර්ථනා කර තිබෙනවා. ඒ මුළු යුක්රේනය පුරා මිනිසුන්ගේ නත්තල් ප්‍රාර්ථනාව ඒ බව පවසමිනි.
නත්තල් සැන්දෑවේ X හි පළ කරන ලද වීඩියෝ පණිවිඩයක පුටින්ගේ නම සඳහන් නොකර “අද, අපි සියලුදෙනාම බෙදා ගන්නේ එකම සිහිනයකි. සෑම කෙනෙකුටම තිබෙන්නේ එකම ප්‍රාර්ථනාවක් පමණි. ඒ ඔහු විනාශ වේවා” යන්න පමණක් බව සෙලෙන්ස්කි පැවසුවා.
එහිදී ඔහු කියා සිටියේ රුසියාව ගෙන ආ සියලු දුක් වේදනා තිබියදීත් යුක්රේනය සතු ඉතාම වැදගත් දෙය අත්පත් කර ගැනීමට හෝ එය මතට බෝම්බ හෙළීමට ඔවුන් සමත් වී නැති බවයි.
ඒ යුක්රේනයේ හදවත සහා එකිනෙකා කෙරෙහි පවතින භක්තිය සහ එකමුතුකම බව ඔහු සඳහන් කළා.
ඉන්පසු ඔහු යුක්රේනයේ සාමය ගැන කතා කරමින් දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින වටිනාම දේ සාමය බවයි පැවසුවේ.
“අපි ඒ වෙනුවෙන් සටන් කරන්නෙමු, අපි ඒ වෙනුවෙන් යාඥා කරමු, අපි එයට සුදුසුයි.” යනුවෙන් කියා සිටියා.
නත්තල් දිනට පෙර දින රුසියානුවන් නැවත වරක් තමන් සැබවින්ම කවුදැයි පෙන්වා දුන් බවද යුක්රේන ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
දැවැන්ත ෂෙල් වෙඩි ප්‍රහාර, බැලස්ටික් මිසයිල සිය ගණනක් ඔවුන් අප වෙත එල්ල කළ බවයි ඔහු කියා සිටියේ.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ නත්තල් ප්‍රාර්ථනාව පැමිණෙන්නේ අඟහරුවාදා (24) රුසියාව යුක්රේනය ඉලක්ක කර මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදුකළ පහර දීමෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් විදුලි විසන්ධි වීම් රැසක් වාර්තා වීම මධ්‍යයේය.
